මෑතක සිට රටේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා තිබෙන්නේ නවීන පරිගණක යෙදවුමකින්….

හෙළිවුනේ දොස්තරවත්ත කුඩු ජාවාරම ගැන හොයද්දී... ජාත්‍යාන්තර ජාවාරම්කරුවන් යෙදවුම හා සම්බන්ධයි....

දොස්තරවත්ත මත්ද්‍රව්‍ය ගබඩාව හසුවීමත් සමග ඒ පිළිබඳ පරීක්ෂණ කරගෙන යන පරීක්ෂණ කණ්ඩායම් මෙම මත්ද්‍රව්‍ය  ජාලය හසුරුවන විශේෂ පරිගණක යෙදවුමක් පිලිබඳ තොරුතුරු අනාවරණය කරගැනීමට හැකි වී තිබේ.

විශාල මුදලක් වැය කර ලොව ප්‍රධාන පෙළේ පරිගණක සමාගමකින් නිර්මාණය කර ඇති මෙම යෙදවුමේ  රට තුළ මෙන්ම ජාත්‍යන්තරව මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ජවාරම් කරුවන් සම්බන්ධ වී සිටින බව වාර්තා වේ.

අතිශයින්ම රහස්‍යභාවයකින් යුතු මෙම මෘදුකාංගයට සම්බන්ධ වී සන්නිවේදන කටයුතුවලට සම්බන්ධවන  කිසිවෙකුගේ  නිවැරදි  දුරකථන අංක නොපෙන්වීමත්,  ඊට සම්බන්ධ කිසිම පුද්ගලයෙකුගේ අනන්‍යතාවය තහවුරු කරන කිසිම සාධකයක් නැති වීමත් තමන් සමග ගනුදෙනු කරන පුද්ගලයා කවරෙක් දැයි අනෙකා නොදැනීමත් මෙහි විශේෂත්වය බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට එම යෙදවුමට ඇතුළු වීම සඳහා දෙස් විදෙස් ආරක්ෂක අංශවල හා රාජ්‍යයන්හි තාක්ෂණික සහය අපේක්ෂාවෙන් කටයුතු කරන බව ද  පොලිසිය පවසයි.

 

Exit mobile version