මැලේසියානු සමාගමක් ඉල්ලන ඩොලර් මිලියන 160ක වන්දියෙන් බේරෙන්න ලංවිම කෝටි 20ක් දැනට නීතීඥයන්ට පුදලා   

දැඩි  මූල්‍ය අර්බුදයක පසුවන ලංකා විදුලි බල මණ්ඩලය මැලේසියානු බලශක්ති සමාගමක් සමඟ පැවැති එකඟතා ගිවිසුමක්  කඩ කිරීම හේතුවෙන් මේ වනවිට සිංගප්පූරුවේ ජාත්‍යන්තර බේරුම්කරණ ක්‍රියාවලියක් හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 160ක වන්දියක් ඉල්ලා ඇති අතර මේ බේරුම්කරණ ක්‍රියාවලිය සඳහා පසුගිය  වසර දෙකකට ආසන්න කාලයක් තුළ රුපියල් මිලියන 200ක පමණ මුදලක් වැය කිරීමට සිදුව ඇති බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

2011 වසරේදී ඉදිරිපත්වූ ආයෝජන යෝජනාවක් මත යාපනයේ කන්කසන්තුරේ ප්‍රදේශයේ මෙගවොට් 35ක ධාරිතාවකින් යුතු සුළං බල විදුලි ජනන ව්‍යාපෘතික් සඳහා මෙම යෝජනාව ගෙනවිත් ඇත්තේ මැලේසියානු සමගමක් වන කේඑල් එස් එනර්ජි නම් සමාගමයි.

එම සමාගම සඳහා අනුමැතිය ලබාදුන් ආකාරයට ප්‍රශ්නගත බවට වාර්තා වන අතර ඊට හේතුවී ඇත්තේ මෙගවොට් 25කට වැඩි පෞද්ගලික විදුලි ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දීම සඳහා ශ්‍රි ලංකාවේ විදුලි බල පනතේ පවතින ප්‍රතිපාදන ඉක්මවමින් මෙරට විදුලි බල ක්ෂේත්‍රයේ නියාමකයා වන මහජන උපයෝගිතා කොමිසන් සභාව විසින් එම  අනුමැතිය ලබා දීම නිසා බව සදහන් වේ.එසේම මෙම බෙරුම්කරණ විභාගයට තොරතුරු සපයා ඇති අදාළ සමාගම ඔවුන්ගේ සුළං බල විදුලි ව්‍යාපෘතිය ජාතික පද්ධතියට සම්බන්ධ ද කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවකු අල්ලසක් ඉල්ලා  සිටි බවට ඔහුගේ නමද සඳහන් කරමින් වාර්තා කර ඇත.


පසුව මෙම ව්‍යාපෘතිය අවලංගු කිරීමට විදුලිය බල මණ්ඩලය කටයුතු කර ඇති අතර එයින් පසුව කේඑල්එස් එනර්ජි සමාගම ශ්‍රි ලංකා රජයට, විදුලිබල අමාත්‍යංශයට  එරෙහිව සිංගප්පූරුවේ ආයෝජන අර්බුද නිරාකරණය කිරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ බේරුම්කරණ නඩුවක් ගොනු කොට අති අතර එහි විභාගයද මේ වනවිට ආරම්භ වී ඇත. අවසන් වරට එම විභාගයට අදාල කටයුත්තක් පසුගිය ජනවාරි මස 10 වැනිදා සිදුව ඇති බව මෙම බෙරුම්කරණ මධ්‍යස්ථාන වෙබ් අඩවිය සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට විභාග වන මෙම බෙරුම්කරණ ක්‍රියාවලියේදී ශ්‍රි ලංකාව පරාජය වුවහොත් අදාළ සමාගමට ඩොලර් මිලියන 160ක වන්දියක් ගෙවීමට සිදුවනු ඇතැයි මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

Exit mobile version