රටින් තුරන් කළ බව කී මැලේරියාවෙන් පෙළන 04වන රෝගියාත් යාපනයෙන් හමුවේ….

දිනසේන රතුගමගේ –

යාපනය ශීක්ෂණ රෝහලෙන් තවත් මැලේරියා රෝගියෙකු  ඊයේ (04) හමු වූ බව වැඩ බලන රෝහල් අධ්‍යක්ෂ එස්.ජමුනානන්දන්   පැවසීය.

අදාල රෝගියා අප්‍රිකානු රටක සිට ආපසු යාපනය පැමිණි පුද්ගලයෙකු වන අතර  පසුගිය දින කීපය ඇතුළත යාපනයෙන් මැලේරියා රෝගීන් හතර දෙනෙකුම හමු වී තිබේ.

යාපනයෙන් හමු වූ මැලේරියා රෝගීන් හතර දෙනාම ප්ලැස්මෝඩියම් පැල්සිෆාරම් යන මැලේරියා රෝගය වැළදුනු පුද්ගලයෝ වෙති.


එම රෝගීන් සියලුම දෙනා අප්‍රිකානු රටවල සිට ආපසු පැමිණි පිරිස් බව ප්‍රකාශ කරණ උතුරේ සෞඛ්‍ය බලධාරීන් ශ්‍රී ලංකාවෙන් අවසන් වරට මැලේරියා රෝගියෙකු හමු වී තිබුණේ  2012 වසරේ ඔක්තෝබර් මාසයේදී  බවද පැවසීය. 

පසුව  එම වසරේ නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාව  මැලේරියා රෝගයෙන් තොර රටක් බවට පත් වු අතර ලෝක සෞඛ්ය සංවිධානය මගින් ඒ පිළිබදව  2016 වසරේදී සහතිකයක් ලබා දී ඇති නමුත් තවමත් ලෝකයේ රටවල් සියයක පමණ මැලේරියා රෝගය ඇති බවත් ජනගහනය අනුව එය 40% ක පමණ ප්‍රතිශතයක්  බවත් කියා සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් යාපනයෙන් මැලේරියා රෝගීන් හතර දෙනෙකු හමු වීමත්  සමගම උතුරේ රෝහල් වලින් උණ රෝගය සදහා  ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන සැක සහිත සෑම රෝගීයෙක් සඳහාම මැලේරියා රෝගය සදහා රුධිර පටල පරීක්ෂණ වලට ලක් කිරීමට පියවර ගෙන තිබේ.

 

Exit mobile version