මැලේරියාව තුරන් කළ බව කී රටේ මැලේරියාව හැදුණු රෝගියෙක් මැරිලා…

ශ්‍රියානි විජේසිංහ –                                     

බේරුවල ප්‍රදේශයේ තරුණයෙකු කොළඹ පෞද්ගලික  රෝහලක  දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර ඔහු මිය යන විට මැලේරියා රෝගයෙන් ‌පෙළී  ඇතැයි වාර්තාවේ. 

අධික උණ රෝගයෙන් පෙළීම නිසා පසුගිය 14 වැනිදා රෝහල්ගත කළ පුද්ගලයා 15 දා ජීවිතක්ෂයට පත් වි ඇත.

කෙසේ නමුත් මොහු මියගොස් ඇත්තේ මැලේරියා රෝගයෙන්ද නැතහොත් වෙනත් රෝගයකින්ද යන වග මේ වන විට පරික්ෂණ ආරම්භ කර ඇතැයි ද ලංකසර ගළ විමසුමකදි මැලේරියා මර්ධන ව්‍යාපාරයේ ප්‍රකාශකයෙකු පැවසුවේය. 

මොහු මුස්ලිම් ජාතිකයෙකු බැවින් ඔහුගේ ඥාතීන් මරණ පරික්ෂණයක් සිදුකිරීමට අකමැත්ත පල කර ඇතැයිද පැවසේ. 


මොහු මැණික් ව්‍යාපාරයක නිරතව සිටින අයෙකු  වන අතර ටැන්සානියාවට මීට පෙර හත් වතාවක්ම ගොස් ඇති අයෙකි.  ඔහු  ඒ කිසිම අවස්ථාවකදී මැලේරියා රෝගය සදහා ඖෂධ ලබාගෙන නැත. 

මැලේරියා තර්ජනය ඇති රටකට ගොස්  නැවත මෙරටට පැමිණීමෙන් පසුව රුධිර පරික්ෂාවක් කළ යුතුව ඇතත් එය කර නොමැති බවද එම  ප්‍රකාශකයෙකු පැවසුවේය. 

මැලේරියා රෝගය පැතිර යන රටකට යන විට මැලේරියා මර්ධන  ඖෂධ රැගෙන යා යුතු අතර නැවත එම රටට ගොස් ආ පසුව රුධිර පරික්ෂාවක් කර ගෙන මැලේරියා පරපෝෂිතයා රුධිරය තුළ නොමැති බව තහවුරු කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අනිවාර්ය කර  ඇතැයි හෙතෙම කීය.

කෙසේ නමුත් මෙම පුද්ගලයාට රුධිර පරික්ෂාවක් කර ගැනීම හෝ ඖෂධ භාවිත කිරිම සම්බන්ධයෙන් වෛද්‍යවරු අවශ්‍ය දැනුවත්භාවය ලබා දී තිබේද යන්න පිලිබඳව ද මේ වන විට විමර්ශනයක්  ආරම්භ කර ඇතැයි එම  ප්‍රකාශකයා පැවසුවේය.

කෙසේ වෙතත්   ලංකාවේ මැලේරියා මරණ මීට පෙර  වසර 14කින් වාර්තා වී නැත. වර්ෂ 2016 දී ලෝක සෞඛ්‍ය සංවිධානය මැලේරියා රෝගය තුරන් වි ඇති රටක් ලෙස ලංකාව නම් කළේය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ මරණයට පෙර උණ රෝගයෙන් පෙළෙමින්  දින ගණක් නිවසේ ගත කර ඇති මෙම රෝගියාට මැලේරියාව වැළඳී  තිබුණ බව තහවුරු වූ  බ  පසු ආශ්‍රිතයින් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 

Exit mobile version