මැරුවත් බහින්නෙ නෑ… පී.සී.ආර්. ඉල්ලා බෝගම්බර රැඳවියෝ වහලයට නගිති….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ රැදවියෝ තිහකට වැඩි පිරිසක් අද 17දා පෙරවරු 8.00 සිට වහලය මත නැගී විරෝධතාවයක නියැලී සිටිති.

වහාම එහි සිටින රැදවියන් පීසීආර් පරික්ෂණ සදහා යොමු කරන ලෙස ඉල්ලමින් ඔවුහු මෙම විරෝධතාවය පවත්වති.

බෝගම්බර බන්ධනාගාරයේ රදවා ඇති රැදවියන් මේ වන විට අවධානම් තත්ත්වයක පසුවන බවත් තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කිසිවෙකුත් මැදිහත් නොවන බව ඔවුහු කියා සිටිති.

“ අපි ව මේකේ ගාල් කරලා කිසිම සෞඛ්‍ය නීතියක් පිලිපදින්නේ නෑ….”

“ අපිත් මිනිස්සු … අපේ ඡන්දෙ විතරද මේ ලොක්කන්ට ඔ්නෑ… අද අපි මරණය දැක දැක ඉන්නවා වාගේ… මේ වෙද්දි අපිට කොවිඩ් හැදිලාද දන්නේ නැහැ.. හෙට අනිද්දා වෙද්දි එක එකා මැරෙන්න පටන් ගන්නකොටද අපි ගැන හොයන්න පටන් ගන්නේ….”

ඇතුලේ හැමෝම එක ගොඩේ ඉන්නේ… එක ගොඩේම මැරෙනකල්ද බලා ගෙන ඉන්නේ….?

ආදි ලෙස ඔවුහු කෑ ගසමින් , නිශ්චිත තීරණයක් නොගත හොත් වහලය මතින් බිමට නොබසින බව කියා සිටිති.

රටේ නන් දෙසින් රැගෙන විත් රැදවියන් 536 ක් මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ රදවා සිටි.

Exit mobile version