මැනිං මාර්කට් එකට ආ එළවළු පළතුරු ලොරි 200ක් නාරාහේන්පිට යැවීමෙන් සැපයුම්කරුවන්ට යනඑනමං නැතිවෙලා

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

අද දින පිටකොටුව මැනිං වෙළෙඳ පොළ විවෘත කරන බව නිවේදනය කිරිමත් සමඟම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කොළඹට පැමිණි ලොරි 200 කට වැඩි ප්‍රමාණයක් නාරාහේන්පිට ආර්ථික මද්‍යස්තානය වෙත හරවා යවා ඇතත් එහිදී ඔවුන්ට එම නිෂ්පාදන නිසි ලෙස විකුනාගැනීමේ අපහසුතාවකට ලක් වීමෙන් ගොවීන්, අතරමැදියන්, ප්‍රවාහන නියෝජිතයින් අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පවසයි.

ඔහු පවසන්නේ නුවරඑළිය, වැලිමඩ, හපුතලේ, බණ්ඩාරවෙල ප්‍රදේශවලින් පමණක් ලොරි 84 ක් මැනිං වෙළෙඳපොලට පැමිණ ඇති අතර නාරාහේන්පිට අර්ථික මධ්‍යස්ථානයේ න්‍රියාත්මක වන සංවිධානාත්මක වෙළෙඳ කල්ලි ඔවුන්ගෙන් ඉතා අඩුමිලකට එළවළු සහ පලතුරු ලබා ගැනීමට කටයුතු කිරීමෙන් මෙම ප්‍රවාහනයින්ට අවම වශයෙන් ප්‍රවාහන කුලියද නොලැබෙන ත්තත්වයක්ට පත්ව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව තවදුරටත් කරුණු හෙළි කළ හිටපු ආණ්ඩුකාරවරයා, බණ්ඩාරවෙල ඇතුළු තොග වෙළෙඳ මධ්‍යස්ථාන වසා දැමීම නිසා අද වන විට උඩරට ගොවීන් අන්ත අසරණ වුණා. වැලිමඩ, බණ්ඩාරවෙල, හපුතලේ, නුවරඑළියේ බොහෝ තැන්වල මේ වන විට රාපු, තක්කාලි, ලීක්ස් අස්වනු නෙලන්නේ නැතිව අතහැර දමා තියෙනවා. ආණ්ඩුව පැයෙන් පැයට සෞඛ්‍ය, කොරොනා හා සංචරණ නීති වෙනස් කරනවා.


මැනිං වෙළෙඳපොළට රැගෙන ආ එළවළු හා පළතුරු ප්‍රවාහන නියෝජිතයින්ට කැමති ආකාරයට බෙදා හරින්න බෑ විතරක් නෙවෙයි අලෙවි කරන්නත් බෑ. නාරාහේන්පිට සංවිධානාත්මක කල්ලි කුණු කොල්ලයට එළවළු පළතුරු ඉල්ලා සිටිනවා. අවම වශයෙන් මේ ප්‍රවාහකයින්ට දැන් වාහන කුළියවත් ලැබෙන්නේ නෑ.

උඩරට එළවළු ප්‍රශ්නය විසදීමටත් කිසිදු දේශපාලනඥයෙකු, නිලධාරියෙකු මැදිහත් වෙන්නේ නෑ. බස්නාහිර මිනිස්සුන්ට කන්න එළවළුවක් නැතිව ඉන්න කොට රැගෙන එන එළවළුව විකුණා ගන්න ක්‍රමයක් හදන්න බැරි තැනකට රටේ වැඩ පිළිවෙලක් නැති වෙලා තියෙනවා.

කෘෂිකර්ම ඇමති ලේකම්ලාට ටෙලිෆෝන් කර කර මාධ්‍ය සංදර්ශන තියෙන එක විතරයි වෙන්නේ. පසුගිය සතියේ වැලිමඩ, බණ්ඩාරවෙල, ඌව පරණගම ගොවින් ඔවුන්ගේ මේ බඩු විකුණගන්න බැරි තැනට වැඩ හදලා විනාශ කළා. එහෙම කරලා අද කොළඹට එළවළු ගේන්න කියලා දැන් ගෙනාපු එළවළු විකුණන්න තැනක් නැති කරලා තියෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආණ්ඩුව කිසිම කළමනාකරණයක් නැතිව ගොවියා විතරක් නෙවෙයි, වෙළෙන්දා, ප්‍රවාහකයා සහ අතරමැදියා ත් අද දවසේ අමාරුවේ දාලා තියෙනවා යැයි ද පැවසීය.

Exit mobile version