“මැතිවරණ සෞඛ්‍ය ගැසට්ටුව එන්ජිමක් නැති බස් එකක්”

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් කියයි

මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්නායක අන්තර්ගත ගැසට් නිවේදනය වහාම නිවැරදි නොකළහොත් ඉදිරියේදී අතුරු වෛද්‍ය සේවා හා පරිපූරක වෛද්‍ය සේවා එක් කරගත් දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් කියයි.

අදාල ගැසට් නිවේදනයේ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්නායක ඉදිරිපත් කර ඇතත් එම නීති ක්‍රියාත්මක කිරීමේ බලධාරියාවන මහජන සෞඛ්‍ය පරි්ක්ෂකවරයා නම් නොකිරීම බරපතල ගැටලුවක් බව එම සංගමය පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ගැසට් නිවේදනය එන්ජිමක් නැති බස්රථයකට සමාන බව පෙන්වා දෙන සභාපතිවරයා පවසන්නේ වෛද්‍ය වෘත්තියකින් හැරුණු විට අනෙක් වෘත්තීන් සම්බන්ධව දක්වන අඩු තක්සේරුව හා සැලකිල්ල යළිත් වරක් ප්‍රකට වී ඇති බවයි.


Exit mobile version