මැතිවරණ වියදම් නියාමන පනත කල් දැමීම ගැන ඇමති විජේදාසට ජනාධිපතිත් අගමැතිත් බැනලා !… මේවා තුට්ටු දෙකේ වැඩ – කිරිඇල්ල කියයි!

Wijedasa rejects Kiriella’s allegation and says the bill won’t affect the holding of LG elections.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත දෙවන වර කියවීම මාසයකින් කල් දැමීමට එකඟවීම නිසා අධිකරණ ආමාත්‍ය විජේදාස රාජපක්ෂට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දුරකථනයෙන් කතා කොට දොස් කියා ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල අද (18) පාර්ලිමේන්තුවේදි චෝදනා කළේය.

මන්ත්‍රිවරයා එම චෝදනාව නැගුවේ අද උදේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී නිවේදන දැනුම් දුන් කතානායකවරයා අද පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාවේ රැස්වීම අවලංගු කර ඇති බවත් මැතිවරණ වියදම් නියාමන පනත දෙවන වර කියවීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිත බවත් නිවේදනය කළ අවස්ථාවේදීය.

එහිදී ඊට විරෝධය දැක්වූ කිරිඇල්ල මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ මාර්තුවේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් දමා ගැනීම සඳහා මෙලෙස කටයුතු කරන බවයි. පාර්ලිමේන්තු කමිටු කාරක සභා ශක්තිමත් කළ යුතු බවට ධුරයට පත් වූ අවස්ථාවේ සිට වැඩිපුරම කතා කරන ජනාධිපතිවරයා මෙලෙස පාර්ලිමේන්තුවේ කටයුතුවලට මැදිහත්වීමට විවේචනය කළ ඔහු අවධාරණය කළේ ඊයේ එකඟ වූ පරිදි අද කටයුතු කළ යුතු බවයි.

“අපට ඕන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව. ජනාධිපති වුණ දවසේ ඉඳන් කීට. මැතිවරණ වියදම් පනත මාසෙකින් කල් දාන්න අධිකරණ ඇමතිතුමා ඊයේ එකඟ වුණා. ඒත් එකයි දෙකයි කතා කරල එකුමට බැනල තියෙනවා. එහෙම කරන්න බෑ. අපි මේකට විරුද්ධයි.ජනාධිපතිතුමා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට මැදිහත් වීම වැරදියි. විජේදාස රාජපක්ෂ ඇමතිවරයාට දුරකථනයෙන් කතා කරල බැනල. මේව තුට්ටු දෙකේ වැඩ.“යයිද පැවසීය.


එහිදී අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපකෂ මහතා එම චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර ජනාධිපති හෝ අගමැති දුරකථනයෙන් කතා කරද්දී අසාගෙන සිටියේ කෙසේදැයි ප්‍රශ්න කළේය. කිරිඇල්ල මන්ත්‍රිවරයා ද්වේෂ සහගතව නගන මේ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවද ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවච තමන් පැයකට වැඩි කාලයක් අගමැතිවරයා සමඟ කාර්යාල කාමරයේ පැයකට වඩි කාලයක් සාකච්ඡා කළ බවත් ජනාධිපතිවරයා සමඟ දුරකථනයෙන් කතා කළ බවත් පිළිගත් අතර මෙම පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් මැතිවරණය පැවැත්වීමට කිසිදු බලපෑමක් නොවන බව සහතික විය.

Exit mobile version