මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයෙකුට මරණ තර්ජන… කලින් තර්ජන එල්ල වූ කොමිසමේ සාමාජික දිවාරත්නට යළිත් තර්ජන….

සිය ධුරයෙන් ඉවත් වන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්.එම්.මොහොමඩ් ට ඊයේ (27) රාත්‍රියේ දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල කර තිබේ.

එම තර්ජන එල්ල වන්නේ පසුගිය 18 වැනිදා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනෙකුවන එස්.බී. දිවාරත්නට හා කේ.පී.පී. පතිරණට ද දුරකථනය ඔස්සේ තමන් දරන ධුරවලින් ඉවත් වන ලෙසට දන්වා මරණ තර්ජන එල්ල කිරීමෙන් පසුය.

18 දා මරණ තර්ජන එල්ල වූ කොමිසමේ සාමාජික එස්.බී. දිවාරත්නට ඊයේ (27) යළත් වරක් වට්ස්ඇප් හරහා කෙටි පණිවිඩයක් එවමින් ධූරයෙන් ඉවත්වන ලෙස දන්වා මරණ තර්ජන එල්ල කර තිබේ. ඊයේ රාත්‍රියේ යළිත් වරක් අදාල අංකයෙන් දුරකථන ඇමතුම් පැමිණ තිබු නමුත් ඔහු ඊට ප්‍රතිචාර දක්වා නොමැති විට මෙම කෙටි පණිවිඩය යොමු කර ඇත.

විශේෂත්වය වන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම්.එම්.මොහොමඩ් ට සහ යළිත් වරක් එස්.බී. දිවාරත්නට මරණ තර්ජන එල්ල වන්නේ මින් පෙර කොමිසමේ සාමාජිකයන්ට  එල්ල කළ මරණීය තර්ජන සම්බන්ධව පොලිස් ආරක්ෂාව ලබා දී සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇති පසුබිමක වීමය.


එමෙන්ම මේ වනවිට මැතිවරණ කොමිසමේ සිටි එකම කාන්තා කොමසාරිස්වරිව වන පී. එස්. එම්. චාල්ස් කිසිම හේතුවක් නොදන්වා කොමිසමෙන් ඉල්ලා අස්වීමට තීරණ කර ඇත.

අද පැවති මාධ්‍ය හමුවකදි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි  ප්‍රකාශ කළේ එකම දුරකථන අංකයක් ඔස්සේ වට්ස්ඇප් හරහා මෙම තර්ජන එල්ල කර ඇති බවය.

තමන්ට තර්ජනය කිරීමේ  සිද්ධිය පිළිබඳව එම්.එම්.මොහොමඩ් සහ එස්.බී. දිවාරත්න විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය හරහා ඔවුන්ට අවශ්‍ය   ආරක්ෂාව තරකිරීමට පියවර ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම සාමාජිකයින්ගේ නිවෙස් වෙත ගොස් ප්‍රකාශ ලබා ගෙන විමර්ශන ආරම්භ කර ඇත.

Exit mobile version