මැණික්හින්න රෝහලේ DOට පහරදුන් ප්‍රා. මන්ත්‍රී පොලීසියට

මැණික්හින්න රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයාට පහර දීමක් සිදු කළ බවට චෝදනා ලැබ සිටින කුණ්ඩසාලෙ ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රී සමන්ත පෙරේරා අද (21) දවහල් 11ට පමණ මහනුවර පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඔහු පොලිසියට කියා සිටියේ තමන් මෙසේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණියේ ඔහු මැණික්හින්න රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා වෙත පහර දුන්නේ යැයි ද ඒ සම්බන්ධව නිශ්චිත පරීක්ෂණයක් නොපැවැත්වී යැයි ද කියමින් අද නුවර සියලුම රෝහල්වල වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කළ පසුය.

තමන් එවැනි කිසිම පහරදීමක් සිදු කර නැති බවත්, ඒ සම්බන්ධව ඕනෑම ආකාරයක පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බවත්, අවශ්‍ය නම් සී.සී.ටී.වී දර්ශන ඇතුළු සියලුම සාධක පරීක්ෂා කර තමන් එවැනි ක්‍රියාවක් කර ඇතිනම් සුදුසු ඕනෑම දණ්ඩනයකට යටත් වීමට සූදානම් බවත් සමන්ත පෙරේරා ප්‍රකාශ කළේය.


එමෙන්වම සිද්ධිය සම්බන්ධව පැහැදිලි කිරීමක් සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් තමන් දිනයක් හා වෙලාවක් ඉල්ලා සිටින බවත් පැවසුවේය. ඔවුන් විසින් කරන පුද්ගලික හෝ විවෘත පරීක්ෂණයකට තමා මුහුණ දීමට සූදානම් බවත් සමන්ත පෙරේරා කියා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමන් මේ තීන්දුව ගත්තේ පොදු ජනතාව මේ වර්ජන ක්‍රියාවලිය නිසා අපහසුතාවයට පත්වන බැවින් බව පවසන සමන්ත පෙරේරා තමන් නොකළ වරදක් සම්බන්ධව තමන් මෙන්ම මහ ජනතාවත් පීඩාවට පත්වීම යුක්ති ධර්මයට එකඟ නැති බවය.

Exit mobile version