මැකො රජයේ මුද්‍රණාලය සීරුවෙන් තබයි

ඉදිරි මහ මැතිවරණය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කළ වහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කරන ලෙස මැතිවරණය කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා රජයේ මුද්‍රණාලය වෙත දැනුම්දී තිබේ.

මේ අනුව ඡන්ද පත්‍රිකා මිලියන 17ක් මුද්‍රණයට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර බලා සිටින බව රජයේ මුද්‍රණාල අධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පැවැසුවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නාමයෝජනා භාරගැනීමෙන් පසු ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට සැලසුම් කළ ද ඒවා ගබඩා කර තැබීමට ඇති දුෂ්කරතා නිසා එම කටයුත්ත සිදු කිරීමට නොහැකි වූ බව පෙන්වා දෙන ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසමේ දැනුම්දීම පරිදි නැවත මුද්‍රණ කටයුතු සැලසුම් කළ බව වැඩිදුරටත් පැවසුවාය.


Exit mobile version