මා සහ රජය පිළිබඳ ජනතා අප්‍රසාදයක් ඇති බව මා පිළිගන්නවා… ජනපති කියයි!

මා සහ රජය පිළිබඳ ජනතා අප්‍රසාදයක් ඇති බව මා පිළිගන්නවා… ජනපති කියයි!

තමා සහ  රජය කෙරෙහි ජනතාව අතරේ අප්‍රසාදයක් තිබෙන්නේ යැයි තමා පිළිගන්නා බවත් බලාපොරොත්තු වූ ආකාරයට වැඩකටයුතු නොවීම නිසා ඇති වී තිබෙන මේ තත්වයට මූලිකම හේතුව වූයේ කොවිඩ් සමග වසර දෙකක් සටන් කිරීමට තමාට සිදුවීම නිසා බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ යුද හමුදාවේ 72 වැනි සැමරුම් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී අද (10) පැවති උත්සවයේදීය.


රට වසා තැබීම   නිසා රටේ ආර්ථිකය බිඳ වැටුණ බව කී ජනාධිපතිවරයා එවැනි තත්වයන් පෙන්වා දෙමින් නිදහසට කරුණු දැක්වීමට තමා සූදානම් නැතැයිද නව ජවයකින් රට ඉදිරියට ගෙනයෑමට තමා ජනතාවට පොරොන්දු වන බවද   සඳහන් කළේය.

එහිදී ජනාධිපතිවරයා තමන්ගේ යුද හමුදා ඉතිහාසය, සාලියපුර ගජබා රජිමේන්තුවේ බිම තෝරා ගැනීමේ සිට එය ගොඩ නැගූ අතීතය පිළිබඳව දීර්ඝ විස්තරයක් කළේය.

තමන් යුද හමුදා නිලධාරීන් ඉහළ පරිපාලන තනතුරුවලට පත් කළේ රටේ පවතින දූෂණය මග හරින්නට බවත්, එය කළ යුත්තක් බවත් ජනාධිපතිවරයා කීවේය.

ත්‍රිවිද හමුදාවේ සහ බුද්ධි අංශවල මානුෂිකත්වය ඉහල නංවාලමින් රාජකාරී බලතල නිසි අයුරින් පවරමින් පසුගිය දෙවසර තුළ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දී කටයුතු කළ බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යුදහමුදාව මේ වසංගත සමයේ රට ජාතිය වෙනුවෙන් කළ කැපකිරීම සම්බන්ධව ජනපතිවරයා යුද හමුදාවට විශේෂ ප්‍රශංසාව පිරිනැමුවේය.

Exit mobile version