හැටන් රංජිත් රාජපක්ෂ –
කාසල්රි ජලාශයේ ධිවර කර්මාන්තයේ යෙදි සිටින ධිවරයෙකු විසින් එලා තිබු මාළු දැලකට අද (22) අළුයම විශාල පිඹුරෙකු හසු වී ඇත.
නොර්වුඩ් නිව්වැලිගම ප්රදේශයේ පදිංචි කේ.රාජා නම් ධිවරයාගේ මාළු දැලට අඩි 08 පමණ දිගැති මෙම පිඹුරා හසු වී ඇත.
එම ධිවරයා විසින් එලා තිබු මාළු දැල ආපසු ගොඩට ගැනිමේදි දැඩි බරකින් යුත් යමක් හසු වි ඇති බව දැනීමත් සමග දැල ගොඩට ගෙන පරික්ෂා කරන විට අඩි 08 පමණ දිගැති විශාල පිඹුරෙකු මාළු දැලට හසු වි සිටි බව දැක තිබේ.
එම පිඹුරා පිටතට ගන්නා විටත් පිඹුරා මියගොස් සිටි බව එම ධිවරයා කියා සිටියේය.
දැලේ පැටලී මියගොස් සිටි පිඹුරා ධිවරයා විසින් නල්ලතන්නිය වනජිවි නිලධාරින්ගේ උපදෙස් මත වල දැමිමට පියවර ගෙන තිබේ.
කාසල්රි ජලාශය අවට පිහිටි ළදු කැළැ සහ රක්ෂිතවල මෙම පිඹුරන් ජිවිත්වන බවත්, ගොදුරු ඩැහැ ගැනිමට ජලාශය ආසන්නයේ රැඳී සිටි පිඹුරෙකු කාසල්රි ජලාශයට වැටි මෙම මාළු දැලට පැටලි ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවත් වනජිවි නිලධාරීහු පැවසූහ.
කාසල්රි ජලාශයේ ධිවරයෙකුගේ දැලකට පිඹුරෙකු හසු වු පළමු අවස්තාව මෙය බවද ධිවරයා කීය.