මාළඹේ-කොළඹ සැහැල්ලු දුම්රිය තවත් වසර පහක් ප්‍රමාද වේ

ආණ්ඩුව මුදල් දෙන ජපාන  JAICA ආයතනයට කියයි

කොළඹ සහ තදාසාන්න ප්‍රෙද්ශවල රථවාහන තදබදයට හොඳම විසඳුමක් ලෙසට ආරම්භ කළ මාලබේ සහ කොළඹ කොටුව අතර සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය තවත් වසර පහක් යන තෙක් ආරම්භ නොකිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ජපානයේ ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (ජයිකා) ආධාර මත ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ මෙම ව්‍යාපෘතිය වසර පහකට අත්හිටවූ බවට ශ්‍රි ලංකා රජය ජයිකා ආයතනයට නිල වශයෙන් දන්වා ඇති බව වාර්තා වෙයි.

රජය මෙම දැන්වීම සිදුකොට ඇත්තේ ජයිකා ආයතනයෙන් ලබා ගත් ණය වැඩසටහන් සඳහා ගෙවීමේ සහන කාලයක් ඉල්ලා කළ ඉල්ලීමේදී බව ජයිකා ආයතනය පවසයි.


මෙම තත්ත්වයට හේතුව බව පැවසෙන්නේ රජය මේ වනවිට දැඩි මූල්‍ය අර්බුදයක පැවතීමය. මෙම ව්‍යාපෘතිය පසුගිය රජය විසින් ආරම්භ කරන ලද අතර එය සම්පූර්ණයෙන් ජයිකා ණය ආධාර යටතේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

පසුගිය වසරේ ජූලි මාසයේ දී ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය වැඩ නිම වීමට සැලසුම් කොට තිබුණේ 2024 වසර්දීය. සමිපූර්ණ ආයෝජනය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2ක් වන අතර එයින් ඩොලර් බිලියන 1.85ත් ජයිකා ආයතනයෙන් ණයක් ලෙස ලබා ගැනීමට මූලිකව ගිවිසුම් ගතව තිබිණි.

මාර්ග තදබදය දැඩිව පවතින මාලබේ සිට උදෑසනත් සවසත් සෑම විනාඩි තුනකට වරක්  කොළඹ කාර්යාල සහ පෞද්ගලික ආයතන වැඩිපුර ස්ථානගතව පවතින ස්තාන සම්බන්ධ කෙරෙන මාර්ගය ඔස්සේ දුම්රිය ධාවනය කිරීමට තටයුතු යොදා තිබුණි.

කෙසේ වුවද ජයිකා ආයතනය මේ වනවිට රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය  සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන මට්ටමක පසුවන අතර ඔවුන් ඉදිරි ව්‍යාපෘති සඳහා ආධාර ලබා දීම අත්හිටුවීමට ද තීරණය තොට ඇත.ජයිකා ආයතනය පවසන්නේ ජපාන රජය ශ්‍රි ලංකාවේ ණය මට්ටම පිළිබඳව දැඩි අවදානයකින් පසුවන අතර ශ්‍රි ලංකාවේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව සෑහීමකට පත් නොව බවය. එබැවින් ඔවුන් ඉදිරියේ දී සිදු කිරිමට සම්බන්ධයෙන් මූලික කටයුත දියත් කර ඇති ව්‍යාපෘති  සම්බන්ධටෙන් සලකා බැලීම තකාවකාලිකව අත්හිටුවා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් මේ වනවිට අනුමත වී ඇති ව්‍යාපෘතියක් වන සැහැල්ලු දුම්රිය  ළුයාපෘතිය තවත් වසර පහකින් කල් දැමීමට  රජය පියවර ගැනීම නිසා තවදුරටත් කොළඹ නගරයේ තදබදයෙන් මිදීමට තිබූ හොඳම විසඳුම තවත් වසර ගණනකින් ආපස්සට යන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. 

Exit mobile version