මාස කිහිපයක් තුළ මන්ත්‍රීවරු  54ක් ලැබීම ඉතිහාසගත විප්ලවයක්… සජිත් කියයි.

මෙවර මහමැතිවරණයේද ජාතික සමගි බලවේගය සිදුකළේ මෙරට ඉතිහාසයේ දැවැන්තම දේශපාලන විප්ලවය බවත් මාස කිහිපයක් තුළ පාර්ලිමේනතුවේ ආසන 54ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය වාර්තා ගත එකක් බවත් සජිත් ප්‍රෙමදාස   පවසයි.  සජිත් ප්‍රේමදාස   මේ බව සඳහන් කළේ අද (8) පෙවරුවේ පැවත්වූ මාධ්‍ය හමුවකදී ය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ  සජිත් ප්‍රේමදාස  මෙවර මැතිවරණයට මුහුණ දීම ඉතාම දුෂ්කර අත්දැකීමක් වූ බවත් මැතිවරණය ඉලක්ක කරගෙන කටයුතු කරන්නට ලැබුණු මාස එක හමාරක් වැනි කාලයක් තුළ මෙම ජනබලවේගයට පාර්ලිමේනතුවේ ආසන 54ක් හිමි වීම වාර්තාගත වන බවත් සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ  ඔහු    “  ජාතික සමගි ජන බලවේගය ක්‍රියාත්මක කොට මාසයකුත් දින කිහිපයක් ඇතුළත පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. තවත් මාස කිහිපයක්  කොවිඩ් වසංගතය නිසා හිර වී සිටියා. හරිහමන් කාර්යාලයක් යටිතල පහසුකම් නොතිබුණු බලවේගයක්. නමුත් අප ඔප්පු කර පෙන්නුවා මුදල් නෙවෙයි බලය,  ජනතාව බව .“


“ඉතිහාසයේ කෙටිම කාලයක් තුළ මේ තරම් මහා ජන බලවේගයක් නිර්මාණය කළ එකම දේශපාලන  බලවේගය මේක. ඉතිහාසය බැලුවාම  බණ්ඩාරනායක මහතාගේ ගමනට වසර හතරක් ගත වුණා. පොහොට්ටුවට පළාත් පාලන ආයතනවල බලය ගන්නට වසර දෙකක් ගත වුණා. ආණ්ඩුව ගන්න වසර හතරක් ගතවුණා.“

 “මාස එකහමාරක් වැනි කාලයක් තුළයි මෙය ලබා ගත්තේ. ඒ සුබවාදී අනාතය තුළ සියලුම දේශපාලන බලමුළු මුල් කරගෙන සියලුම දේශපාලන කොට්ඨාස එක්කරගෙන ශක්තිමත් ගමනක් යන්නට පුළුවන්.   මේ දේශපාලන බලවේගය එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ යෝජනාවක් සහිතව ක්‍රියාත්මක වුණු බලවේගයක්.“

“අපට වට කර ගසද්දි ශක්තිමත් ගමනක් ආරම්භ කිරීමට අපට හැකි වුණා. එකම දේශපාලන විකල්පය .තමයි මෙය.  ඒ වගේම මේ බලවේගය තමයි ඉදිරියේදී රටේ වගකීම බාර ගන්නේ.  . මම කියන්න කැමතියි මේ බලවේගය ගොඩ නැගුණේ යම් කාලයක් තුළ බොරු කතා කට කතා ඒ සියල්ල ක්‍රියාත්මක වුණු මොහොතක. අපට පුළුවන්කම ලැබුණා, අසත්‍ය පරාජය කර සත්‍යය ජයග්‍රහණය කරවීමට.  අපට ලියාපදිංචියක් නැහැ කිව්වා. නාම යෝජනා භාර නොගෙන ප්‍රතික්ෂේප  වෙනවා කිව්වා.  විවිධ ගැරහිලිවලට අප ලක්වුණා.  අපට මාධ්‍යවලින් සම බිමක් ලැබුණේ නැහැ. එවැනි බාධක රැසක් තිබුණා.

සමහරෙක් අදහස් කරන්නට පුළුවන් ජයග්‍රහණය කර තිබෙන පක්ෂය විශාල ජයග්‍රහණයක් ලබා තිබෙනවා. එය අභියෝගයක් නොවේද කියල. 2015 සිට ආණ්ඩුව ශක්තිමත්ව ආසනන 144ක් සහිතව තිබුණු එකක්. නමුත් ඉතා කෙටි කලකින් ඔවුන් පරාජය කිරීමේ පදනම විපක්ෂය දැමුවා. අප වටාත්  දැවැන්ත ප්‍රගතිශිලි ජනතාවක් සිටිනවා. සෑම දේශපාලන අභියෝගයක්ම පළාත් සභා, පළාත් පාලන වේවා සියල්ලටම මුහුණ දෙන්නට සූදානම්.

මේ අවස්ථාවේදී කිව යුතුයි. රටේ තිබෙන එකම දේශපාලන විකල්පය තමයි සමගි ජනබලවේගය. අපි බොහොම ප්‍රගතිශිලි ගමනක් යන්නේ. එකම අරමුණ ජනතාව ජයග්‍රහණය කරවීම. ඒ වැඩපිළිවෙළ තුළ මේ රට් ජනතා පරමාධිපත්‍යය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ස්ථාපිත කිරිමට අපක්ෂපාතීත්තවය සුදුස්සාට සුදුසු තැන ලබා දීම ජනතා අයිතිය ආගමික අයිතින් සියල්ල සුරක්ෂා කිරීමට වගකීමෙන් කටයුතු කරනවා. අපි  මේ රටට ඔප්පු කර තිබෙනවා බලවේගයක් ලෙස ප්‍රතිපත්ති සහිත ගමනක්  යන බව.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ගමන අපි යමු.

Exit mobile version