මාසයකින් ඉන්ධන නෑ… ගිලන් රථ සේවාත් අක්‍රීයයි… මනම්පිටි, අරලගංවිල, වැලිකන්ද රෝහල්   අද සිට වැසෙයි…

හදිසි ප්‍රතිකාර පමණයි... අදත් රෝගීන් 5000ක් අසරණ වෙයි... සියලුම බාහිර ප්‍රතිකාර සහ නේවාසික ප්‍රතිකාර නැහැ.....

මනම්පිටිය නිමල් ජයරත්න –  

රෝහල් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන නිසි පරිදි නොලැබීමෙන් පොලොන්නරුව අරලගංවිල ,වැලිකන්ද,  මනම්පිටිය යන ප්‍රාදේශීය රෝහල් තුනේ හදිසි ප්‍රතිකාර හැර බාහිර රෝගී ප්‍රතිකාර කිරීම සහ නේවාසිකව ප්‍රතිකාර ලබාදීම සියල්ල  අද ( 17 )  දහවල් සිට නතර කර දැමීමට පියවර ගත් බව එම රෝහල් සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සඳහන් කරයි.

මෙම තත්ත්වයත් සමඟ අද  අදාල රෝහල් වලින් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන්   5000 කට අධික සංඛ්‍යාවක් ආපසු හැරී යාමට සිදු විය.

මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ ගිලන් රථ සේවාවද ඉන්ධන පහසුකම් නොමැතිවීමෙන් සම්පූර්ණයෙන්ම නතර වී ඇති බව  මනම්පිටිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය  නිලධාරී දීපාල් අසංක   අප කළ විමසීමකදී සඳහන් කළේය.

මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ  සේවකයින් හතළිහකට ආසන්න සංඛ්‍යාවක් සේවය කරන අතර ඔවුන්ට රෝහල කරා පැමිණීමට ඉන්ධන නොමැති අතර ප්‍රවාහන පහසුකම් නොමැතිකම නිසා ඔවුන් මෙන්ම රෝගී ජනතාව දැඩි අසීරු අසීරුතාවට පත්ව සිටිති.


අරලගංවිල සහ වැලිකන්ද රෝහල්වලද සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමාණවත් ඉන්ධන නොලැබීම හේතුවෙන් ඔවුන් දැඩි අසීරුතාවට පත්ව සිටින අතර රෝහල් කටයුතුද අඩපණ වී ඇති බව රෝගීහු සඳහන් කරති,

මෙම රෝහල්වල හදිසි ප්‍රතිකාර කටයුතු පමණක් සිදුකරන අතර මෙම රෝහල් වල කටයුතු අඩපණ  වීමත් සමඟ පොළොන්නරුව දිඹුලාගල වැලිකන්ද කොට්ඨාසවල ග්‍රාම සේවා වසම් 86ක පුද්ගලයන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් දැඩි අවදානමකට පත්ව සිටිති.

මෙම රෝහල් පිහිටා තිබෙන ප්‍රදේශවල  පිරවුම්හල්වලට දැනට මාසයකට ආසන්න කාලයක සිට ඩීසල් සහ පෙට්‍රල් නොපැමිණීම නිසා රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අසීරුතාවට පත්ව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වන අලි  පහරදීම් මෙන්ම හදිසි අනතුරු සහ දුෂ්කර පළාත්වල සර්පයන් දෂ්ඨ කිරීම, ඇතුළු හදිසි රෝගීන් මෙම රෝහල් කරා රැගෙන  එති.

Exit mobile version