මාලදිවයිනේ නත්තල් ගස් පොලීසියෙන් ඉවත් කරයි

මාලදිවයිනේ කේ. මාෆුෂිහි කානි බීච් ගෙස්ට් හවුස් හි පිටත තබා තිබූ සරසන ලද නත්තල් ගස එරට පොලීසිය විසින් ඉවත් කර තිබේ.

එරට මාධ්‍ය වාර්තා පැවසුවේ එම නත්තල් ගස එහි තබා ඇති බවට ඊයේ රාත්‍රියේ පැමිණිල්ලක් ලැබුණු බව මාලදිවයිනේ පොලිස් සේවය පැවසූ බවයි.

මෙය මාලදිවයිනේ ආගමික එක්සත්භාවය පනත (පනත අංක 6/1994) උල්ලංඝනය කර ඇති හෙයින් පොලිසිය ගස ඉවත් කිරීම පිළිබඳ හෝටලයේ පාලනාධිකාරිය සමග සාකච්ඡා කිරීමට උත්සාහ කර තිබේ.


කෙසේ වෙතත්, සාකච්ඡා බිඳ වැටෙද්දී, මාෆුෂි මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද අධිකරණ නියෝගයක ආධාරයෙන් පොලිසිය නත්තල් ගස සිය භාරයට ගෙන ඇත.

සමාජ මාධ්‍යවල මෙම අධිකරණ නියෝගයේ පිටපතක් සංසරණය වන අතර එහි දැක්වෙන්නේ දෙසැම්බර් 17 වනදා සිට දින 62 ක කාලයක් සඳහා සරසා ඇති නත්තල් ගස පොලිස් භාරයේ රඳවා තබා ගැනීමට පොලිසියට අවසර ලබා දී ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේවෙතත් මෙම නත්තල් ගස ඉවත් කරන ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණේ එරට හිටපු අමාත්‍යවරයකු වන ආදිල් සලීම් විසින් වන අතර එරට මාධ්‍ය වාර්තා පළවී තිබුණේ ද ඔහුගේ ඡායාරූප පදනම් කරගෙන ය.

Exit mobile version