මාර්තු 01 දා පටන් ගන්න අ.පො.ස.සා.පෙ. විභාග ප්‍රතිපල ජූනි වලදී නිකුත් කරනවා…

අධ්‍යාපන ඇමති කියයි...

මාර්තු මස 01වන දින සිට 10වන දින දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස වන විට ලබා දීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව ජූලි මාසයේ සිට එම දරුවන්ගේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සැලසුම් සකස්කොට තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්  පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/02/22වන දින නෙළුම් මාවතේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙසේ ද පැවසුවේය.

“අපේ ප්‍රධාන අරමුණ තමයි රටේ දූ දරුවන්ගේ වටිනා තරුණ කාලය අපතේ නොයැවීම. අධ්‍යාපන කටයුතු අඛණ්ඩ ව කරගැනීමට පුළුවන් වන පරිදි කෝවිඩ් 19 වසංගතය මධ්‍යයේ පැමිණෙන සියලු අභියෝගයන්ට මුහුණ දීමට අපි සූදානම් ව සිටිනවා. මාර්තු 01වන දින සිට 10වන දින දක්වා පැවැත්වෙන විභාගය සඳහා දිවයින පුරා අපේක්ෂකයන් 622,305ක් ඉදිරිපත් වන අතර මධ්‍යස්ථාන 4,513ක එය පැවැත්වීමට නියමිත යි. පාසල් අපේක්ෂකයන් 423,746ක් සහ පෞද්ගලික අපේක්ෂකයන් 198,606ක් පෙනී සිටීමට නියමිත අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් සූදානම්කොට තිබෙනවා.“ යැයි පැවසුවේය.


කෝවිඩ් 19 ආසාදිත අපේක්ෂකයන් සඳහා සෑම දිස්ත්‍රික්කයක ම විශේෂ මධ්‍යස්ථාන 02 බැගින් ස්ථාපිත කර ඇති බවත්,   කොළඹ දිස්ත්‍රික්කය තුළ එවැනි මධ්‍යස්ථාන ප්‍රමාණවත් නොවීමට  ඉඩ තිබෙන නිසා ඊට වි‍ශේෂ විධිවිධාන සකසා ඇති බවත් ඇමතිවරයා කිවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිටත් සියලු ම පාසල්වලට අයදුම්පත්‍ර සියල්ල තැපැල් ඇති බවත්  පෞද්ගලික අපේක්ෂකයන්ට ඒවා ලැබී නොමැති නම් අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියට ගොස්    ප්‍රවේශපත්‍ර බාගත කර ගත හැකි බවත් ඇමතිවරයා පැවසුවේය.

Exit mobile version