මාරක කොවිඩ් ප්‍රභේදය පැතිරෙද්දී නිරෝධායන නීති ලිිහිල් කරන්න ඉල්ලා සිටින්න එපා…

@ŠÖ¼‘Û‹ó`‚É“ž’…‚µ‚½ƒTƒbƒJ[‚̃~ƒƒƒ“ƒ}[‘㕂̃sƒGEƒŠƒ„ƒ“EƒAƒEƒ“‘IŽèi’†‰›j‚P‚U“úŒßŒã‚XŽž‚Q‚R•ª

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඩෙල්ටා ප්‍රභේදය රටපුරා පැතිරීමේ අවදානම් තත්ත්වයක් පැවතිය හැකි බැවින් විදේශයන් හී සිට පැමිණෙන පුද්ගලයින් මෙරට තුළ පවතින නිරෝධායන නීතියට අවනත වීම, නිරෝධායන නීති නීති අකුරටම පිළිපැදීම හා නිරෝධායන නිති ලිහිල් කරන මෙන් බලපෑම් නොකිරිමට කටයුතු කරන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

කොවිඩ් ආසාදිත පුද්ගලයින් බව හඳුනා ගන්නා සියලුම රෝගීන්ගෙන් ලබාගන්නා නියැදි ජානවිශ්ලේෂණ පරික්ෂාවන් සඳහා යොමු නොකරන බැවින් ඩෙල්ටා ප්‍රභේදය රටපුරා පැතිරීමේ අවදානම් තත්ත්වයක් පැවතිය හැකියැයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

ලෝකයේ කිසිදු රටක ජාන විශ්ලේෂණ පරික්ෂාවන් සියලුම කොවිඩ් ආසාදිත රෝගින් වෙනුවෙන් සිදු නොකරන බව ද ඔහු පෙන්වාදේ.

කෙසේ නමුත් මේ වන විට අපරටට ඩෙල්ටා ප්‍රභේදය ඇතුලු වී ඇති බැවින් රෝගය පැතිරවීමේ වාහකයින් බවට පත් නොවී කටයුතු කිරිම හොඳම විකල්පය යැයිද විශේෂඥවරයා පැවසීය.







Exit mobile version