මාරක අනතුර සිදුවූ නුවරඑළිය රදැල්ල කෙටි මාර්ගය බර වහාහනවලට තහනම් කරයි…

ඊයේ මාරක අනතුර සිද්ධ වූ නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම් කිරීමට තීරණය කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ පැවසුවේ අධික බෑවුම් සහිත එම මාර්ගයේ අනතුරු ගණනාවක් වාර්තා වීම හේතුවෙන් එම පියවර ගත් බවය.

ඊයේ සිදුවූ බස් රථ අනතුරින් පුද්ගලයින් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත් වී 53 දෙනෙක් තුවාල ලැබුවේය. එක් අයෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ඇත්තේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් රැගෙන අධ්‍යාපන චාරිකාවක් ගිය එම බස්රථයේ ගමන් ගත් සිසුන් 41 දෙනෙක් ද තුවාල සහිතව නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ගනිමින් ඇත.


Exit mobile version