මානව හිමිකම් සමුළුවේදී චීනය අපට! ඉන්දියාව මැද පිළිවෙතක ?

එක්සත් ජාතීන්ගේ 46 වැනිදා මානව හිමිකම් සමුළුවේ වාර්ෂික සමුළුවට බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් විසින් ගෙන එනු ලැබ ඇති මානව හිමිකම් සම්බන්ධ යෝජනාවලිය හමුවේ චීනය ශ්‍රි ලංකාවට පක්ෂවත් ඉන්දියාව ශ්‍රි ලංකාවට විරුද්ධව ඡන්දය දීම වෙනුවට හෝ බොහෝ විට නිහඬව සිටීමට ඉඩ  ඇති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිටත් මෙම දෙරට මානව හිමිකම් සැසියේදී ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ මත මෙසේ නිගමනය කිරීමට සිදුව ඇති බව රාජ්‍ය තාන්ත්‍රික අරංචි මාර්ග සඳහන් කරයි.    ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් මේ වනවිට ඉදිරිපත්ව ඇති මානව හිමිකම් යෝජනාවලිය කිසිදු පදනමක් රහිත පැහැදිළි සාක්ෂි සාධක නොමැති වාර්තාවක් බව   එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී අදහස් දැක්වූ චීනයේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත චෙන් සූ පෙරේදා එම සමුළුවට ප්‍රකාශයක් කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරනු ලැබ වාර්තාව පිළිබඳව අදහසක් දක්වමින් තම මිත්‍ර ජාතියක් වශයෙන් ශ්‍රි ලංකාව මානව හිමිකම්වලට ගරු කරන රටක් ලෙසත් ඉදිරියේදීත් වාර්ගික සයෝගිතාව රකිමින් එකමුතුකමින් යුතුව තම රටේ ජාතික සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොතතු වන බවත් චීනය නියෝජනය  කරමින් ඒ   ඔහු සඳහන් කළේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් තමන් සහය පළ කරන බවය. චීනය සුපුරුදු ලෙස මානව හිමිකම් නාමයෙන් රටවල්වල අභ්‍යන්තර කටයුතුවලට වෙනත්  ජාතීන්ගේ ඇඟිලි ගැසීම් බලවත් සේ ප්‍රතික්ෂේප කරන අතරම දේශපාලනීකරණය මත මානව හිමිකම් සම්බන්ධයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමට තරයේ විරුද්ධ මතයක සිටින බවද පැවසීය.


කෙසේ වුවද    මෙම සමුළුවේ දී ශ්‍රි ලංකාව සම්බන්ධදයෙන් ඉදිරිපත්වන යෝජනාවලියට එරෙහිවන ලෙසට නිල වශයෙන් ඉල්ලීමක් කළද තවමත් නරේන්ද්‍ර මෝදි රජය ඊට නිසි ප්‍රතිචාර දක්වා නැත. බොහෝ විට 2014 වසරේදී මෙන්ම මෙවරද මෝදි රජය ශ්‍රි ලංකාවට එරෙහි යෝජනාවලිය පිළිබඳව ඡන්ද විමසීමේදී නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇති බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පසයි.

මේ පිළිබඳව කළ එක් ඉඟියක් වූයේ පසුගියදා මානව හිමිකම් සමුළුවේදී ජිනීවා හි නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මානි පාන්ඩේ විසින් කරන ලද ප්‍රකාශයයි. එහිදී   ශ්‍රි ලංකාවේ එක්සත් බව සහ කලාපීය සහයොගීතාව වෙනුවෙන් ඉන්දීයාව සහය වන බව සඳහන් කළ ද ශ්‍රි ලංකාව එරට දමිල ජනතාවගේ අභිලාශයන් වෙනුවෙන් මීට වඩා කැප විය යුතු බව පෙන්වා දුන්නාය.    මානව හිමිකම් කොමිසමේ දී අදහස් දක්වමින් ජිනීවා නුවර ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මානි පාන්ඩේ වැඩි දුරටත්  ප්‍රකාශ කර සිටියේ ශ්‍රි ලාංකික දෙමළ ජනතාවගේ මානව හිමිකම්, අභිලාශයන්, සමාජ සාධාරණත්වය යුක්තිය ඉටු කිරීම සඳහා රජය පියවර ගත යුතු  බවය. එමෙන්ම එහිදී ඇය සුපුරුදු පරිදි ඉන්දීය මතය අවධාරණය කරමින් සඳහන් කළේ ඉන්දියාව මැදිහත් වීමෙන් සංශෝධනය කෙරුණු 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවය.

සමුලුවේ දී  ශ්‍රී ලංකාවට පක්ෂ මත දැරූ රටවල්  කිහිපයක් මෙසේය.

රුසියාව, චීනය, ඉරානය, පාකිස්තානය, වියට්නාමය, කියුබාව, පිලිපීනය, සිරියාව, ඊජිප්තුව, මාලදිවයින
නේපාලය,කාම්බෝජය, ලාඕසය,   නිකරගුවාව, එරිත්‍රියාව, අසර්බයිජානය, බෙලාරුස්, ගැබොන්,

මහ කොමසාරිස්වරියගේ යෝජනාවට පක්ෂ වූ රටවල් කිහිපයක් මෙසේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇමරිකාව, ජර්මනිය, එක්සත් රාජධානිය, කැනඩාව, නෝර්වේ, ප‍්‍රංශය, ස්විට්සරලන්තය, බෙල්ජියම, අයර්ලන්තය, මොන්ටිනීග්‍රෝ, මැසිඩෝනියාව

Exit mobile version