මානව හිමිකම් මණ්ඩලයේ තීන්දු ක්‍රියාත්මක නෑ… ටී.එන්.ඒ නායකයා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් හමුවෙයි…

Sampanthan

දිනසේන රතුගමගේ –

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගන්නා ලද තීරණ මෙතෙක් ක්‍රියාත්මක නොවීම නිසා ඒ ගැන සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානයේ නායකයා ඇතුලු පක්ෂයේ නියෝජිතයින් පිරිසක් අද ( 7 ) කොළඹදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය හමුවීමට නියමිත බව දෙමළ ජාතික සන්ධානය නිවේදනය කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙමළ ජාතික සන්ධානය විසින් දේශපාලනික වශයෙන් ඉදිරියේදි ගැනීමට අපේක්ෂා කරණ පියවර සම්බන්ධයෙන් මේ සාකච්ඡාවේදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ෂාරා හුල්ටන් ( Sarah Hulton ) ව දැනුම්වත් කරණ බවද දෙමළ ජාතික සන්ධානය සදහන් කොට තිබේ.

Exit mobile version