මාධ්‍ය හමුවේ බොරු කියලා… අගමැතිගෙන් මහින්දාන්දට කුණු බැණුම්!

තමන් චීන පොහොර සම්බන්ධයෙන් නොකළ ප්‍රකාශයක් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීම හේතුවෙන් කෝපයට පත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට දැඩි සේ දොස් පවරා ඇති බව වාර්තා වේ.
ඩේලි මිරර් පුවත් පත ප්‍රකාශ කරන ආකාරයට පසුගිය බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවේ අගමැතිවරයාද චීන තානාපතිවරයා අමතා ප්‍රතික්ෂේප වුණු චීන කාබනික පොහොර නැව මෙරටට බාර නොගන්නා බවට පැවසූ බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අගමැතිවරයා මෙසේ උරණ වී ඇත.

ඊයේ (29) සවස් වරුවේ අගමැතිවරයා දුරකථනයෙන් මහින්දානන්ද ඇමතිවරයා අමතා “මා නොකළ දෙයක් ගැන ඔබ දැනුවත් කළේ කවුදැ“යි දැඩි ස්වරයෙන් ප්‍රශ්න කර ඇති බව ඩේලි මිරර් අනාවරණය කරයි.

අගමැතිවරයා සහ චීන තානාපතිවරයා අතර සාකච්ඡාවකදී මහින්දානන්ද ඇමතිවරයා නොසිටි බැවින් මෙවැනි තොරතුරක් ඇමතිවරයාට ලබා දීම පිළිබඳව අගමැතිවරයා කෝපයෙන් සිට ඇති බව ද එම වාර්තාවේ සඳහන්වේ.
පසුගිය බදාදා චීන තානාපතිවරයා අගමැතිවරයා හමුවී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කොට ඇත්තේ ශ්‍රි ලංකාවට ඩොලර් ණය පහසුකමක් ලබා ගැනීම සඳහා බව සඳහන් වේ.


මෙහිදී චීන පොහොර නැව පිළිබඳවද අවධානයට ලක්ව ඇති අතර තමන් මේ සම්බන්ධයෙන් සොයා බලා ගන්නා පියවර පිළිබඳව චීන තානාපතිවරයා දැනුම්වත් කරන බවට ප්‍රකාශ කර ඇති බව සඳහන් ය.
එහිදී තුන්වැනි පාර්ශ්වයක් මඟින් මෙම පොහොර තොගය යළි පරීක්ෂා කර බලා මේ පොහොර නැව පිළිබඳව තීරණයක් ගැනීම පිළිබඳව ද අවධානයට ලක්ව ඇති බව සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයාද මේ වනවිට කාබනික පොහොර ගෙන්වීම සහ රසායනික පොහොර තහනම කිරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් මේ වනවිට තමන් පත්ව ඇති අපහසුතා පිළිබඳව අගමැතිවරයාට දන්වා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version