මාධ්‍යවේදීන් සීඅයිඩියට ගෙන්වීම ජනමාධ්‍ය ඇමති ඩලස් හෙළාදකී

සුදු ලූණු වංචාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මෙරට ප්‍රධාන පුවත් පත් කිහිපයක කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන් රහස් පොලිසියට ගෙන්වීමට කටයුතු කිරීම පිළිබඳව තමන් බලවත් සේ කණගාටුවට ලක්වන බවත් මාධ්‍යවේදීන් මෙලෙසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොගෙන්වන ලෙස අගමැතිවරයා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතාටද උපදෙස් ලබා දී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන සමහතා විසින් සතොස ආයතනයේ සිදුවූ සුදු ලූණු වංචාව පිළිබඳව වාර්තා කළ මාධ්‍යවේදීන් කිහිපදෙනකු මෙන්ම මේ පිළිබඳව කකුවැකි ලියූ ලංකාදීප කර්තෘ සිරි රණසිංහ , ද අයිලන්ඩ් ප්‍රවෘත්ති කර්තෘ ෂමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු වැනි ජ්‍යෙෂ්ඨයන් පවා මෙලෙස අපරාධ පරීක්සණ දෙපාර්තමේනතුවට කැඳවීම කැඳවා ඇති බව තමන්ද දැන ගත් බව පැවසූ ජනමාධ්‍ය අමාත්‍යවරයා එය කිසිසේත් සිදු නොවිය යුතු තත්ත්වයක් බව අවධාරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මම හිතන්නේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා තමන් යටතේ පවතින සතොස ආයතනයේ සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා. අපි බොහෝ දෙනකු දන්නවා එතුමා තක්කඩියෙක් වංචාකරුවෙක් නොවෙයි. නමුත් මේ පැමිණිල්ල මත කොතැනක හො වැරැද්දක් සිදුව තිබෙනවා. ජනමාධ්‍යවේදීන්ට මෙවැනි ඉරණමකට මුහණ දීමට ඒකාධිපතිවාදයට එරෙහිව යුක්තිවය වෙනුවෙන් පෑන මෙහෙයවපු මාද්‍යෙව්දියකු වන මා ජනමාධ්‍ය ඇමති ධුරයේ සිටින තාක් ඉඩ තබන්නේ නෑ. මේ පිළිබඳව මම යළිත් කණගාටු වනවා. යයි සඳහන් කළේය.


Exit mobile version