මාධ්‍යවේදීන්ගේ ජංගම දුරකථනවලට රහසිගතව ඇතුලු වී ඔත්තු බැලූ ඊශ්‍රායල මෘදුකාංගය

ඊශ්‍රායල සමාගමක් විසින් නිර්මාණය කළ මෘදුකාංගයක් ඔස්සේ මාධ්‍යවේදීන් සමාජ ක්‍රියාකාරීන් රැසකගේ ජංගම දුරකථන වලට රහසින් ඇතුලු වී තොරතුරු සොරාගැනීමේ සිදුවීමක් පිළිබඳ වාර්තා වේ.

ඒ අනුව මාධ්‍යට නිකුත් වූ ලිපිගොනුවකට අනුව පුද්ගලයින් 5000කට අධික පිරිසගේ දුරකථන අංක අදාල සමාගම සතුව ඇති බවට අනාවරණය වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එන්.එස්.ඕ නැමති ඊශ්‍රායල සමාගම විසින් නිර්මාණය කළ පෙගසස් නැමති ඔත්තු බැලීමේ මෘදුකාංගය භාවිතා කිරීමට රටවල් කිහිපයකමට අවස්ථාව ලබාදී ඇති බවත් ඒ අනුව ආදල රාජ්‍යන් සිය විරුද්ධවාදීන් පිළිබඳ ඔත්තු බැලීම සිදුකර ඇති බවටද වාර්තා වේ.


වොෂින්ටන් පොස්ට් පුවත්පතට අනුව අදාල මෘදුකාංගය යොදාගෙන මාධ්‍යවේදීන් 37කගේ ජංගම දුරකථන වලට රහසිගතව ඇතුලු වී ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ තොරතුරු රහසිගතව ලබාගෙන තිබේ.

අදාල මෘදුකාංගය ඔස්සේ ජංගම දුරකථනයේ සියලුම ඡායාරූප, කෙටි පණිවුඩ, ලබා ගැනීමටත් දුරකථන ඇමතුම් වලට සවන්දීමටත් හැකියාව පවතී.

ඊට අමතරව අදාල ජංගම දුරකථනය තිබෙන ස්ථානය මෙන්ම එහි මයික්‍රෝෆෝනයට සහ කැමරාව ක්‍රියාත්මක කර සියලුම දෑ සටහන් කරගැනීමටද හැකියාව පවතී.

මෙම මෘදුකාංගය ඔස්සේ ප්‍රංශ පුවත්සේවයේ, සී.එන්.එන්, වොල් ස්ටී්‍රට් ජර්නල්, නිව්යෝක් ටයිම්ස්, අල්ජසීරා, බ්ලූම්බර්ග් ඇතුලු මාධ්‍ය ආයතනය රැසක මාධ්‍යවේදීනගේ දුරකථන වලට රහසිගතව ඇතුලු වී වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාල සිද්ධිය පිළිබඳ ජාත්‍යන්තර ක්ෂමා ආයතයන සඳහන් කරන්නේ රාජ්‍යයන් විසින් මාධ්‍යවේදීන් නිහඬ කිරීමට යොදාගත්ත මෙවලමක් බවයි.

මෙවැනි මෘදුකාංග පිළිබඳ විදිමත් පාලනයනක් ඇති කළයුතු බවත් එසේ මොනැති වුවහොත් එය මාධ්‍ය නිදහස මර්ධනය කිරීමට යොදා ගැනීමට ඉඩ පවතින බවද එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් අදාල මෘදුකාංගය නිර්මාණය කළ සමාගම ප්‍රකාශ කර සිටින්නේ සිය මෘදුකාංගය ත්‍රස්වාදීන් සහ අපරාද කරුවන් පිළිබඳ තොරතුරු ලබාගැනීමට පමණක් යොදගෙන ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම අදාල මෘදුකාංගය මානව හිමිකම් සුරක්ෂිත කිරීම පිළිබඳ සාධනීය මට්ටමක පවතින රටවල රජයන්ට පමණක් භාවිතා කිරීමට අවස්ථාව ලබාදුන් බවයි.

Exit mobile version