මාධ්‍යවේදීන්ට දෙන ලෝකයේ ඉහළම සම්මානය ශ්‍රි ලංකාවේ ඡායාරූප මාධ්‍යවේදි එරංග ජයවර්ධනට….

මාධ්‍යවේදීන් සඳහා ලෝකයේ ඉහළම ඇගයීම ලෙස පිළිගැනෙන පුලිට්සර් ත්‍යාගය හිමි කර ගැනීමට ශ්‍රි ලංකාවේ ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේචියකු වන එරංග ජයවර්ධන  සමත්ව ඇති බව ඇමෙරිකාවේ පුලිට්සර් පදනම නිවේදනය කරයි.

ඇසෝෂියේඩට් ප්‍රේස් ආයතනයේ ශ්‍රි ලංකාවේ ඡායාරූප මාධ්‍යවේදියා ලෙස කටයුතු කරන එරංග ජයර්ධන සහ එම ආයතනයේම රෆීක් මක්බූල් සමඟ එක් ව පසුගිය වසරේ ශ්‍රි ලංකාවේ අරගලය පසුබිම් කරගෙන කරන ලද ප්‍රවෘත්තිමය ඡායාරූප වාර්තාකරණය වෙනුවෙන් මෙම ඇගයීම හිමි ව ඇති අතර එය මෙතෙක් ශ්‍රි ලංකාවේ මාධ්‍යවේදියකු පුලිට්සර් ත්‍යාගය වෙත ළඟා වූ පළමු අවස්ථාව ලෙසද සැලකේ.

ඡායාරූප මාධ්‍යකරණයේ ලෝකයේ විශිෂ්ටතම පුද්ගලයන් සය දෙනකුගෙන් සමන්විත විශේෂ ජූරි සභාවක් මඟින් ඔවුන්ගේ නම් නිර්දේශ කර ඇති අතර ඇසෝෂියේටඩ් ප්‍රෙස් වෙනුවෙන් එරංග ජයවර්ධන රෆීක් මක්බූල් සමඟ එක්ව අරගලය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රවෘත්තිමය ඡායාරූප වාර්තාකරණය ඔස්සේ ලෝකයේ සෙසු කාලීන පුවත් අබිභවමින් ශ්‍රි ලංකාවේ අරගලය පිළිබඳව සිය වෘත්තීමය කුසලතා තුළින් ප්‍රබල ව සන්නිවේදනය කිරීම වෙනුවෙන් ඔවුන් මෙම සම්මානය ලැබීමට සුදුසු බවට මෙම ජූරිය විසින් නිගමනය කරනු ලැබ ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උපාලි පුවත් පත් සමාගමෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ එරංග ජයවර්ධන වසර 20කට අධික කාලයක අත්දැකීම් සහිත ඡායාරූප ශිල්පිකු වන අතර උතුරු නැගෙනහිර යුධ ගැටුම් වාර්තාකරණය, 2004 වසරේ සුනාමි ව්‍යවසනය පිළිබඳව ලෝකයට වාර්තා කිරීම අතින් ඔහු ගේ දක්ෂතා ඉස්මතු ව අතර මෙරටදීද ඔහු සම්මාන කිහිපයකින්ම පිදුම් ලද ප්‍රවීණයෙකි


Exit mobile version