මාතලේ පිලිස්සුණු මිනිය හා අනුරාධපුරයේ අත්හැර දැමූ මෝටර් රිය අතර සම්බන්ධයක් තිබේ ද?.

පොලිසිය විශේෂ පරීක්ෂණයක...

මාතලේ රත්තොට දොඹගොඩ කැළයක තිබී ඉකුත්  21 වෙනිදා  පිලිස්සුණු සිරුරක්  පොලීසියට හමුවී තිබුණි. එම සිරුර හඳුනා ගැනීමට නොහැකි තරමට පිළිස්සී අඟුරුවී තිබුණි. ඉතිරිව තිබුණේ  පාදයක කොටසක් සහ මුහුණු කොටස පමණි.

මළ සිරුර හමුවීමත් සමග අනුරාධපුර පොලිස් වසමේ අතහැර ගොස් තිබුණු හොණ්ඩා වර්ගයේ මෝටර් රථයක්ද පොලීසියට හමුවී විය. එම මෝටර් රථයේ ලේ පැල්ලම් කිහිපයක් ද වූයේය.

ඒ ඔස්සේ පරීක්ෂණ මෙහෙයවාගෙන යන පොලිසිය මේ වනවිටට සිටින්නේ උභතෝකෝටියකය.  මේ සිදුවීම් පෙළ මිනී මැරුමක්ද, රට නොමග යැවීමක් ද යන්න තවමත් පැහැදිලි නැත. එතෙක් මේ කරනුයේ පරීක්ෂණයෙන් හෙළිවන කරුණු ගොනු කර පෙළ ගැස්වීමය.


අනුරාධපුර පොලිස් වසමේ අත්හැර දමා තිබූ  මෝටර් රථයේ ලියාපදිංචි හිමිකරු කාන්තාවකි.  එම කාන්තාව පවසා ඇත්තේ  මෝටර් රථය සිය සහෝදරයාට අයත් එකක් බවකි.

මෝටර් රථය පාවිච්චි කළ මේ කියන සහෝදරයා මාලඹේ උතුරු තලංගම දාඹුගහවත්ත පාරේ නිවසක පදිංචිව සිටි රාජපක්ෂ මුදියන්සේලාගේ චන්දන තිලක් රාජපක්ෂ නැමැති අයෙකි. ඉපදී තිබුණේ වර්ෂ 1975 දීය. වැල්ලවායේ දීය.  කරුණු සොයාගෙන යද්දී වාරිමාර්ග කොන්ත්‍රාත්කරුවෙක් ලෙස පෙනී සිටි මෙම පුද්ගලයාට  එරෙහිව අධිකරණ වරෙන්තුවක්ද  ඇති බව පොලිසියට අනාවරණය විය.   ඔහුට නිවෙස් බිදුම් සහ සොරකම් මෙන්ම වංචා චෝදනාද එල්ලවී ඇති තිබුණු බව පරීක්ෂණවලදී හෙළි විය.

මෙම පුද්ගලයාට පෙම්වතියන් දෙදෙනෙක්  සිටින බවත් ඒ අය කොළඹ සහ  මහනුවර පදිංචිකාරියන් බවත් හෙළිවිනි.  ඔහු ඒ අය වෙනුවෙන් විශාල ලෙස මුදල් වියදම් කර ඇති බව ද අනාවරණය වූයේය.

මේ පුද්ගලයා නිවසින් අතුරුදන් වී ඇති බව කියන්නේ පසුගිය 18 වැනිදාය. එදින සවස 5.00 ට පමණ නිවසින් කෑගැසීම් හඬක්ද අසලල් වාසීන්ට ඇසී තිබිණි.  පසුව අදුරු වැටීමත් සමග ඔහුගේ මෝටර් රථය නිවසින් පිටව ගොස් ඇති අතර නැවත එම මෝටර් රථය නිවසට පැමිණ ඇත්තේ අළුයම 1.00 ට පමණය.

නැවතත් පැය කිහිපයකට පසු මෝටර් රථය නිවසින් පිටව ගොස් ඇත. 21 වෙනිදා මාතලෙන් පිළිස්සුණු මළ සිරුරත් අනුරාධපුරයෙන් මෝටර් රථයත් හමුවී තිබේ. නිවස පරීක්ෂා කිරීමේදී එහි ලේපැල්ලම් දක්නට ලැබුණු  බව පොලීසිය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යනු ලබයි.

Exit mobile version