රෝගීන් පහසුකම් නැතිව වේලෙද්දී මාතලේ පාසල් 27ක බෝඩ් ලෑලිවලට ලක්ෂ 540ක්

rohini kavirathne

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාතලේ දිස්ත්‍රික්කයේ පවතින ලග්ගල කොවිඩ් රෝහලට එක්ස් කිරණ යන්ත්‍රයක්වත් නැති, කොවිඩ් වසංගතය මැද වෛද්‍ය උපකරණවල දැඩි හිගයක් පවතින පසුබිමක් තුළ දිස්ත්‍රික්කයේ පාසල් 27ක් සඳහා තීන්ත ගෑමට සහ ජාතික පාසලක් ලෙස නාම පුවරුවත් පමණක් සවි කිරීමට රුපියල් ලක්ෂ 540ක වෙන් කොට ඇති බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කුමාරි කවිරත්න මහත්මිය පවසයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දමා ඇති පාසල් විවෘත කිරීමට හොඳ දිස්ත්‍රික්කය තුළ හොඳ සෞඛ්‍යමය පසුබිමක් වෙනුවෙන් වියදම් කිරීමට දහසක් කරණු තිබුණත් රටේ බලධාරීන් මේ ප්‍රශ්න මැද නමට සහ බෝඩ් ලෑල්ලට පමණක් ජාතික පාසල් කරන්නට ලක්ෂ 540ක් වැය කිරීමන් පෙන්වන්නේ ආණ්ඩුවේ උන්මත්තක ස්වරූපය නොවේදැයි ප්‍රශ්න කළාය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ කවිරත්න මන්ත්‍රිවරිය
“මේ දිනවල සමාජ මාධ්‍ය වල දකිනවා කාබනික පොහොර ප්‍රචලිත කරන්න කෝටි 8ක් වියදම් කරන බව. ඒත් සමග නව ජාතික පාසල් 753කට ගේට්ටු හදන්න තීන්ත ගාන්න නාම පුවරු හදන්න ලක්ෂ 20ගානෙ වෙන් කරලා එය පාසල් වලට මේ වනවිට දැනුවත් කරලා .පාසල් සංවර්ධන ගිණුමෙන් හෝ කලාප හා පළාත් සභා වලින් මුදල් ලබා ගන්නා ලෙස දැනුවත් කරලා මේ වනවිට පළාත් සභා ක්‍රියාත්මක වන්නේ නැහැ එසේනම් කොහොමද පළාත් සභා මෙම මුදල් ලබා දෙන්නේ . අපි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අහනවා වසා තිබෙන පාසල් වල ගේට්ටු ඇරීමට මොකක්ද හදපු වැඩපිළිවෙළ කියලා .
ආණ්ඩුව බෝඩ් ලෑල්ලක් පෙන්නලා හොදට කරා කියනවා එසේ කරන්න බැහැ .මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් 27 සංවර්ධනයට තෝරාගෙන තිබුණා ඒ සදහා නිළ උත්සවත් සූදානම් කර තිබුණා. ජාතික පාසලක් කියන බොඩ් ලෑල්ලට සහ තීන්ත ගෑමට එක පාසලකට ලක්ෂ 20ක් වෙන් කරලා. ජාතික පාසලක් කරනවා නම් පළමුව කළ යුත්තේ එහි භෞතික සම්පත් වැඩි දියුණු කරන එක. පියවරෙන් පියවර හෝ එය කළ යුතුයි. ඊට කලින් ලක්ෂ 20ක් වියදම් කරල බෝඩ් ලෑල්ලද දාන්න ඕන. නමුත් මාතලේ දිස්ත්‍රික්කයේ රෝහල්වලට වෙන්ටිලේටර් නැහැ ලග්ගල රෝහලට x ray යන්ත්‍රයක් වත් නැහැ ඇදන් නැහැ . එක්ස් රේ එකක් ගන්න කොවාඩ් රෝගීන් කිලෝ මීටර 90ක් විතර ගෙවල තෙල්දෙණිය රෝහලට යවනවා. දිස්ත්‍රික්කයට පීසීආර් යන්ත්‍රයක් නැහැ එම දිස්ත්‍රික්කයේ රෝගින්ට නුවරට යන්න වෙනවා .ජනාධිපතිතුමා හා අගමැතිතුමන්ලාගෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා වසා තිබෙන පාසල් විවෘත කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස.“ යයි ද මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය .

Exit mobile version