මාතර රුසියානු කොරෝනා ආසාදිතයා නිරෝධායනයෙන් රිංගුවාදැයි සොයයි

අද සවස  (23) මාතරින් වාර්තා වූ කොරෝනා ආසාදිත රුසියානු ජාතිකයා නිශ්ඡිත නිරෝධායන ක්‍රමවේදයකින් තොරව රටට ඇතුළු වී ඇත්දැයි විමසා බැලීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඊයේ සවස මත්තල ගොඩ බස්සවන ලද ගුවන් යානයකින් මෙම ආසාදිත පුද්ගලයා ඇතුළු රුසියානු කණ්ඩායමක් පැමිණ ඇති අතර ඔවුන් එක්.පී.සී.ආර්  පරීක්ෂණයකින් අනතුරුව  මුදා හැර ඇත. මේ පිරිස මාතර පොල්හේනේ පරමුල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක කාර්ය මණඩලයක් බව වාර්තා වන අතර ඔවුන් එම හෝටලය වෙත ගොස් ඇත. .

අද (23) දහවල් දෙවන පී.සී,ආර්. පරීක්ෂණයකින්  ආසාදිතයෙක් බව තහවුරු කරගත් 57 හැවිරිදි රුසියානුවා මේ වනවිට මාතර පොල්හේනේ සිට හම්බන්තොට මහරෝහලට රැගෙන යන්නට කටයුතු කරගෙන තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පුද්ගලයාට   සේවා සැපයූ කාර්ය කාර්ය  මණ්ඩලය හෝටලය තුළම නිරෝධායනය කර ඇත.   මේ එක් පුද්ගලයෙක් ගමන් ගත් ත්‍රී රෝද රථයක් සොයා ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Exit mobile version