මළ සිරුරු ගොඩ ගැසෙන්නේ නම් සමූහ මිනීවළවල් සඳහා අවසර ලබා දෙන්න….

mass-burrial

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රෝගී වීම හා මිය යාම වැලැක්වීමට වැඩ පිළිවෙළක් නැත්නම් මියයන්නවුන් සඳහා ගෞරවාන්විත අවසානයක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරවන්නැයි බිම් මට්ටමේ සෞඛ්‍ය අංශ රජයෙන් ලිඛිතව ඉල්ලා සිටී.

සෑම කොවිඩ් මරණයක්ම පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කරවීමට කටයුතු කිරීම නිසා රෝහල්වල මෘත ශරීරාගාර පිරී ඉතිරී යන පසුබිමක් තුළ ආදාහනාගාර ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවත් සමූහ මිනීවළවල් සකසා දේහයන් භූමදාන කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ඒ ඉල්ලීමේ සඳහන්ය.

නිවෙස් තුළ කොවිඩ් රෝගීන් මිය යෑම වැඩි වී ඇති බවත් එසේ මිය ගිය ගිය පුද්ගලයෙකුගේ දේහයක් චක්‍රලේඛ ප්‍රකාරව ආසන්නම රෝහල වෙත රැගෙන යෑමට එම කටයුතු කරන නුවර මල් ශාලා කීපය   ඉතා කෙටි දුරකට වුවද රුපියල් 12000කට ආසන්න මුදලක් අය කරන බවත් වාර්තා වේ.

මෙවන් පසුබිමක් තුල බිම් මට්ටමේ සෞඛ්‍ය අංශ කරුණු පහක් අවධාරණය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර තිබේ.

එම කරුණු මෙසේය.

1) සැක සහිත නොවන කොවඩිඩ් ආසාදිත මරණ එම අවස්ථාවේදීම අදාහනයට ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂකට අවකාශය ලබා දීම. සැක සහිත මරණ පමණක් හදිසි මරණ පරීක්ෂක මගින්

2) එම මෘත දේහ කටයුතු සඳහා සෑම පලාත් පාලන ආයතනයක් සතුවම ” කොවිඩ් මෘතදේහ ප්‍රවාහන කණ්ඩායමක්” පැය 24 ම සුදානම්ව තැබිම. ( කම්කරැවන්, වාහන, ආරක්ෂිත ඇඟලුම් සහ අධික්ෂණ නිලධරයෙක්.)

3) 24 පැය ක්‍රියාත්මක ආදාහනාගාර.

4) කොවිඩ් මෘත දේහ බැහැරලීමට අදාල විධිමත් නිරවුල් නීතිමය ප්‍රතිපාදන.

5) ආදාහනාගාර ධාරිතාව ඉක්මවා මෘත ශරීර ගොඩගැසෙන්නේ නම් භුමදානය සඳහා අවසර හා ස්ථාන. ඇතැම්විට සමුහ මිනී වලවල් ද විය හැක.

Exit mobile version