මහින්ද යටපත් කර ගෝඨා ඉස්සුවැයි ආචාර්ය නාලක ගොඩහේවාට විරෝධයක්

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ රජයේ දේශපාලඥයකු ජාතික රූපවාහිනියට කඩා වැදීමේ සිදුවීම සහ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සම්බන්ධ සිදුවීම සංසන්දනය කරමින් නාගරික සංවර්ධන, මහජන පවිත්‍රතා සහ කසළ බැහැර කිරීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා විසින් ට්විටර් සමාජ මාධ්‍ය හරහා කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මහින්ද රාජපක්ෂ හිතවාදීන් අතර රාජ්‍ය අමාත්‍යවරයා අප්‍රසාදයට පත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ පසුගිය 16 වැනිදාය. ඔහු එම ට්විටර් පනිවිඩයේ දක්වා ඇත්තේ මෙසේය. මීය වසර කිහිපයකට කලින් දේශපාලකයෙක් රූපවාහිනි මධ්‍යස්ථානයකට කඩා වැදුණු වෙලාවේ. රජය කිසිදු පියවරක් ගත්තේ නෑ. ජනතාවගේ හඬට කන් නොදී කටයුතු කළා. නමුත් අද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉතා වේගයෙන් කිසිවකු අනුමත නොකරන දේශපාලකයන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම පිළිබඳව අප සතුටු විය යුතුයි. දේශපාලනයන් කිසිදා රටේ ඉහළින් යා යුතු නෑ“.

කෙසේ වුවද ඔහු ඉඟි කර ඇති මෙම සිදුවීම සිදුවන්නේ 2007 වසරේදී මහින් රාජපක්ෂ මහතාගේ පළමු ධුර කාලය තුළදීය. එම කාලයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු ව සිටි මර්වින් සිල්වා තම පුවෘත්තියක් සම්බන්ධයෙන් ජාතික රූපවාහිනියට මැර පිරිසක් සමඟ කඩා වැදී එවකට ප්‍රවෘත්ති කර්තෘව සිටින ටීඑම්.ජී චන්ද්‍රෙස්කර මහතාට පහර දීම එම සිදුවීමයි. එහිදී රූපවාහිනි සේවකයන්ගෙන් පහර කෑමට මර්වින් සිල්වාටද සිදුවූ අතර එම සිදුවීටමන් පසු රූපවාහිනි සේවකයන් සහ මාධ්‍යවවේදීන් ගණනාවකට අතර මඟ දී දැලි පිහි පහර කන්නට සිදුවිය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ක්‍රියාදාමය හමුවේ හිටපු ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ කිසිදු දෙයක් නොකළ බව හැඟවීම සම්බන්ධයෙන් මහින්ද හිතවාදී දේශපාලන කඳවුරු තුළ රාජ්‍ය අමාත්‍යවරයා අප්‍රසාදයට ලක් කර ඇති අතර එහිදී ඔවන්ට ගැටලුවක් වී ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව නිසි ලෙස අවබෝධයකින් තොරව කීවේද නැතහොත් හිතාමතා කීවේද යන්න පිළිබදවය. එහිදී බොහෝ දෙනකු මක පළ කර අත්තේ ආචාර්ය නාලක ගොඩහේවා සිදුවීම පිළිබඳව නිසි ලෙස නොදැන මෙම සටහන තබන්නට හදිසි වී ඇති බවය.

Exit mobile version