මහින්දානන්ද නිසා චමුදිත සමරවික්‍රම සහ නාමල් කරුණාරත්නත් නිරෝධායනයට…

දුමින්ද සිල්වාගේ නිදහස් වීම ගැන ප්‍රශ්න නොකරන ලෙස හිරු ප්‍රධානියා කළ දැන්වීමට විරෝධය පා හිරු සලකුණෙන් ඉවත් වූ  චාපා බේරෙයි...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය සඳුදා (02) හිරු සලකුණ වැඩ සටහනට සහභාගී වූ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාට කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග එම වැඩසටහනේ ප්‍රධාන මෙහෙයවන්නා වූ චමුදිත සමරවික්‍රමත් සෙසු මාධ්‍යවේදීන් දෙපළවන මධුශාන් ද සිල්වා සහ කළිඳු විදානගේත් නිරෝධායනයට ලක් කර තිබේ.

එම වැඩසටහනට සහභාගී වු ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්නත් මේ වනවිට නිවෙස තුළ නිරෝධායනයේ පසුවේ.

සුපුරුදු ලෙස මෙම වැඩසටහනට සහභාගී වන චාපා බණ්ඩාර හිරු නාලිකා ප්‍රධානිය සමග ඇති වූ මතවාදී ගැටලුවක් නිසා වැඩසටහනින් ඉවත් වී තිබේ.

මෙහිදී මහින්දානන් අලුත්ගමගේ විසින් දුමින්ද සිල්වා නිදහස් කිරීම ගැන කතා කිරීමට නියමිත බවත්, ඒ සම්බන්ධව මහින්දානන්දගෙන් ප්‍රශ්න විමසීමෙන් වළකින ලෙසත් හිරු නාලිකා ප්‍රධානියා විසින් චාපා බණ්ඩාරට දන්වා ඇත.

එසේ කළ නොහැකි බව නාලිකා ප්‍රධානියාට දැක්වූ චාපා බණ්ඩාර මේ වැඩසටහනින් ඉවත් වී ඇත.

Exit mobile version