මහා ශිව රාත්‍රියට පූජාවන් පමණයි… සියලු විශේෂ උත්සව තහනම්

දිනසේන රතුගමගේ

මහා ශිව රාත්‍රී සමයේදී උතුරේ කෝවිල්වලට බැතිමතුන් යාම සීමා කරන ලෙසටත් කෝවිල් වල පැවැත්වෙන පූජාවන්වල කාලය දීර්ඝ නොකරණ ලෙසත් උතුරු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ. කේතීස්වරන්  ඉල්ලීමක් කොට තිබේ.

කෝවිල්වල පැවැත්වෙන පූජාවන් සඳහා අත්‍යවශ්‍යයෙන්ම සහභාගී විය යුතු පිරිස පමණක් සහභාගී වන ලෙස ඉල්ලා ඇති අතර එසේ සහභාගී වන පිරිසද සෞඛ්‍ය නීතිරීති දැඩි ලෙස අනුගමනය කරන මෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා ඉල්ලා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහා ශිව රාත්‍රී සමයේ උතුරේ කෝවිල්වල පූජාවන් හැරෙන්නට වෙනත් විශේෂාංග පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කොට ඇති අතර එම කටයුතු අධීක්ෂණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙන්ම පොලීසියද එම කාලය තුළ යොදවා තිබේ.


Exit mobile version