මහා වීර දිනය සැමරීමට එක්වන්න හදන ටී.එන්.ඒ දේශපාලකයන්ට නැගෙනහිරින් විරෝධය

මහා වීර දිනය සැමරීම තමන් ජනතාව සමග එක්වන බව කියමින් මඩකලපුවේ එල්.ටී.ටී.ඊ සොහොන් වැඩි වශයෙන් ඇති වව්නතිව් ප්‍රදේශයට ගිය ටී.එන්.ඒ දේශපාලකයින් පිරිසක් ජනතාව විසින් පලවා හැරීමේ පුවතක් මඩකලපුවෙන් වාර්තා වේ.

මිය ගොස් ඇත්තේ තමන්ගේ දරුවන් බවත්, ඔවුන් සැමරීම තමන්ට කරගත හැකි බවත්, ඒ සඳහා දේශපාලන මැදිහත් වීමක් අනවශ්‍ය බවත් මේ පිරිස කියා ඇත. මේ අතර මහා වීර දිනය සැමරීමට නෛතික අවසරය ලබා ගැනීම සඳහා මඩකලපුව උසාවියේ මෝසමක් ගොනුකළ ටී.එන්.ඒ මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් වෙත ඊයේ  උදේ (24) බරපතල  විරෝධයක් ඇති විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නඩු විභාගය හෙට (26) දක්වා කල් ගිය හෙයින් උසාවි භූමියෙන් එළිටය පැමිණි සුමන්තිරන් වට කරගත් දෙමළ ජාතිකයින් කණ්ඩායමක් දෙමළ ඩයස් පෝරාවෙන් මුදල් රැගෙන අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකරන ලෙස කෑ ගසමින් විරෝධතාවය පල කළහ. මන්ත්‍රීවරයා වෙත රතිඤ්ඤා පත්තු කර දමමින් කළ මේ  විරෝධතාවයෙන් මන්ත්‍රීවරයාව අසීරුවෙන් ගලවාගෙන වාහනය වෙත රැගෙන යන්නට ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීහු කටයුතු කළහ.


Exit mobile version