මහා පරිමාන ඉන්දියානු ආයෝජකයින් 02ක් කුකුළු මස් සහ බිත්තර කර්මාන්තයට ගෙන්වන්න  සූදානම්… කිරි කර්මාන්තයත් ඉන්දියාවේ “අමුල්”ට!

කෘෂිකර්ම ඇමති නුවරට ඇවිත් කුකුළු මස්, බිත්තර හා කිරි කර්මාන්තයේ ඉදිරි සැලසුම කියයි!

ඉන්දියාවේ ප්‍රකට සමාගම් දෙකක්   සඳහා ශ්‍රී ලංකාව තුළ බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනය සඳහා අවස්ථාව ලබා දීමට ඇති හැකියාව අධ්‍යයනය කරමින් සිටින බව  කෘෂිකර්ම ඇමති මහන්ද අමරවීර පවසයි.

ඊයේ (03) මහනුවර දී   මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා  කීවේ   විදේශ රට වලින් බිත්තර හා කුකුළු මස් ආනයනය කරනවාට වඩා විදේශීය ආයෝජකයින්ට එම නිෂ්පාදන කර්මාන්ත මෙරට ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීම වඩාත් ඵලදායී බවය.

ලෝකයේ ඕනෑම රටකට මේ සඳහා ආයෝජන අවස්ථාව ලංකාව තුළ විවෘත බව කී කෘෂිකර්ම ඇමතිවරයා ප්‍රකාශ කළේ තම අරමුණ ජනතාවට බිත්තර සහ කුකුළු මස් අඩු මිලට ලබා දීම බවය.

මේ ක්‍රියාවලිය තුළ බිත්තර හෝ කුකුළුමස් අතිරික්තයක් පැමිණියහොත්  ඒවා අපනයනයට සැලසුම් ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම රටේ කිරි නිශ්පාදන කර්මාන්තය සඳහ ඉන්දියාවේ අමුල් සමාගම ඉදිරිපත් වී ඇති බැවින් ඒ අවස්ථාව කළමනාකරණය කරන ආකාරය පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් ඇති බව ද කෘෂිකර්ම ඇමතිවරයා ප්‍රකාශ කළේය.

 

Exit mobile version