මහා පරිමාණ වාහන කොල්ලයක සුලමුල හෙළි වේ…

දිවයින පුරා විහිදුණු කොල්ලකරුවන් ජාලයක තොරතුරු එළියට...

ලංකාව පුරාම විසිරී යමින් වාහන කුලී පදනම මත ලබා දෙන ස්ථානවලට ව්‍යාජ රියදුරු බලපත්‍ර හැඳුනුම්පත් ලබා දී වාහන ලබා ගෙන එම වාහන කැබලි කර විකුණන, චැසි අංක, වර්ණ වෙනස් කර උතුරු නැගෙනහිර පළාත්වල ගැනුම් කරුවන්ට අලෙවි කරන, සංවිධානාත්මක අපරාධ කල්ලියක් වාහන 17ක් සමග කොටු කරගැනීමට මුල්ලේරියාව පොලිසිය කළ මෙහෙයුමක දී හැකි විය.

වාහනයක් සොරකම් කිරීමක් සම්බන්ධව කරන ලද පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයක දී මේ අපාරාධ කල්ලිය ගැන තොරතුරු හෙළි කරගැනීමට හැකි වී තිිබිණි. ව්‍යාජ රියදුරු බලපත්‍ර හැදීම, ව්‍යාජ හැඳුනුම්පත් සකස් කිරීම, වාහන සොරා ගැනීම, සොරාගත් වාහන කැබලි කිරීම හෝ වර්ණය වෙනස් කර අලෙවි කිරීම, ඒ ඒ කණ්ඩායම් මගින් සිදුකර ඇති අතර මේ පිරිස දිවයින පුරා විසිරී මෙම කටයුත්ත කරන බව හෙළි වී තිබේ.

 

දැනට මේ කොල්ලකරුවන් විසින් සොකරම් කළ වාහන 17ක් සොයාගෙන අතර ඉන් වැගන් ආර් වර්ගයේ වාහන 05ක් සම්පූර්ණයෙන් ගලවා තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට මේ අපරාධයට සම්බන්ධ කොල්ලකරුවන් 04ක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

Exit mobile version