මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ගැහැණියක් හා පිරිමියෙක් අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් කළ ඊයේ (27) විශේෂ  වැටලීම දී  මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර පුද්ගලයෙක් හා කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

ඉන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට පත්ව ඇත්තේ රාගම ප‍්‍රදේශයේදීය.  අත්අඩංගුවට පත්වන විට අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 750 ක් සහ මත්ද්‍රව්‍ය ජවාරමින් උපයා ගත් බවට සැක කරන  රුපියල් පහළොස් ලක්ෂ විසිදහසක් එම පුද්ගලයා සන්තකයේ තිබී ඇත.  සැකකරුත්, මත්ද්‍රව්‍ය තොගය සහ මුදල් ප්‍රමාණයත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දී  සැක කරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී දෙහිවල ප්‍රදේශයේ කාන්තාවක් හෙරොයින් කිලෝ 1 ක් සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.


Exit mobile version