මහා ජන සහභාගීත්වයකින් පැවති කච්චතිව් මංගල්ලය නිමා වෙයි!

දිනසේන රතුගමගේ –

ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ බැතිමතුන් 5500 කගේ පමණ සහභාගිත්වයෙන් පසුව කච්චතීව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්ලය ඊයේ ( 4 ) නිමාවට පත්විය.

කොවිඩ් වසංගතයෙන් වසර දෙකකට පසුව විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව මංගල්ලය පවත්වනු ලැබීය.

කච්චතිව් ශාන්ත අන්නතෝනි දේවස්ථාන මංගල්‍යයේ මංගල දිව්‍ය පූජා යාගය  කොළඹ පදවියේ සහයක රදගුරු අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු නාවික විධානයේ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් අනුර තෙන්නකෝන්, ඉන්දීය නාවික හමුදාවේ ප්‍රාදේශීය අණ දෙන නිලධාරියෙකු ඇතුළු පිරිසක් විශේෂ ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට එක්ව සිටියෝය.


දිව්‍ය පූජාව අවසානයේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ප්‍රතිමාවෙන්, පැමිණ සිටි ජනතාව ආසිරි ගැන්වීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවර  මංගල්ලයට පැමිණි බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට නාවික හමුදාව හා කච්චතිව් මංගල්ල කමිටුව පියවර ගෙන තිබුණි.

Exit mobile version