මහාචාර්ය ධම්මදින්න හිමියන් අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලමින්  මිනුවන්ගොඩ විරෝධතාවයක්….

අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටි, කැලණිය විශ්ව විද්‍යාලයේ නූතන භාෂා අංශයේ චීන භාෂාව පිළිබඳ මහාචාර්ය  හැඳලගමුවේ ධම්මදින්න හිමියන් අත්අංගුවට ගැනීමට  ගත් තීරණයට විරෝධය පල කරමින් අද මිනුවන්ගොඩ නගර මධ්‍යයේ විරෝධතාවයක් පැවැත්විනි.

මහාචාර්ය නාමියන් අත්අඩංගුවට ගැනීමෙන් වලකිනු, තිරස්චීන දේශපාලනයේ හෙළුව හෙලි කළ මහාචාර්ය හිමිපාණන්  සදා සුරකිමු,  පීඩිත අප වෙනුවෙන් සිහනද පෑ මහාචාර්ය හිමියන් රැක ගනිමු ආදී පුවරු සහිව විරෝධතාකරුවෝ විරෝධතාවයේ නිරත වූහ.

මහාචාර්ය ධම්මදින්න හිමියන් චෝදනා හතක් යටතේ අත්අඩංගුවට ගැනීමට  නියම  වී ඇති බවත්, අදාල චෝදනා ප්‍රකාශ කළ නොහැකි බවත්, ඊයේ ( 25) උදේ වරුවේ පොලිසියට භාර නොවන්නේ නම්  බලය යොදා අත්අඩංගුවටගන්නා බවත් පොලිසියෙන් දැනුම් දී තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නීතිඥවරුන්ගේ උපදෙස් ප්‍රකාරව හෙට (27) තමන්වහන්සේ පොලිසියට භාර වන බව ලංකාසර කළ විමසීමක දී උන්වහන්සේ පැවසූහ.


Exit mobile version