මහවිරු උලෙළට වාරණ නියෝග නිකුත් කිරීම අධිකරණ දෙකක්  ප්‍රතික්ෂේප කරයි…

දිනසේන රතුගමගේ –

උතුරේ මහවිරු උළෙල පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරණ ලෙස කයිට්ස් හා ඩෙල්ෆ්ට් පොලීසී විසින් කයිට්ස් හා මල්ලාකම් අධිකරණ වලින් ඊයේ ( 23 ) කළ ඉල්ලීම් දෙකක් එම අධිකරණ දෙක  විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

එම  අධිකරණවල  මහේස්ත්‍රාත්වරුන් පොලීසියට ප්‍රකාශ කොට ඇත්තේ එම පළාත්වල මහජනතාව ඒකරාශී කොට උත්සව පැවැත්වීමක් පිළිබදව පූර්ව වාර්තා ඉදිරිපත් කිරීමට පොලීසිය අසමත් වී ඇති නිසා ඒ සම්බන්ධයෙන් වාරණ නියෝගයක් නිකුත් කළ නොහැකි බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යම් පිරිසක් මහජනතාව ඒකරාශී කොට උත්සව පැවැත්වීමට උත්සහ කරන්නේ නම් පොලීසියට ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට හෝ විසුරුවා හැරීමට බලය ඇති බවද මහේස්ත්‍රාත්වරු ප්‍රකාශ කොට තිබේ.


Exit mobile version