මහර ගැටුමෙන් මියගිය හතරක් හඳුනා ගැනේ

මහර බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය 4 දෙනෙකු හඳුනාගෙන තිබේ.

පසුගියදා සිදු වූ එම සිද්ධියෙන් රැඳවූවන් එකොළොස් දෙනෙකු මියගොස් තිබුණි.

සෙසු පුද්ගලයන් මේ වන තෙක් හඳුනාගෙන නොමැති අතර ඔවුන් සම්බන්ධයෙන් සිදුකරන පශ්චාත් මරණ පරීක්ෂණ තවමත් අවසන් වී නොමැති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.


සිරුරු දෙකක් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර ඇත.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ මියගිය පුද්ගලයන් කොමික් ආසාදිත තත්ත්වයෙන් පසුවීම නිසා මරණ පරීක්ෂණ ප්‍රමාද වීමයි.

පළමුව සිරුරු දෙකක් හඳුනා ගැනුණු අතර පසුව තවත් සිරුරු දෙකක් හඳුනා ගැනිණ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මළ සිරුරු රාගම රෝහලේ තැන්පත් කර තිබේ.

Exit mobile version