මහයියාව ප්‍රදේශයටත් සංචරණ සීමා

මහනුවර මහයියාව ප්‍රදේශයට සංචරණ සීමා පැනවේ.

ඒ කොවිඩ් ආසාදිතයින් 28 දෙනෙකු පෙරේදා (08) හමුවීමත් සමඟයි.

මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පැවසුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ,මහනුවර නගරාධිපති කේසර සේනානායක යන මහත්වරු හා සෞඛ්‍ය අංශ බලධාරීන් සමඟ කළ සාකච්ඡාවකින් මෙම තීරණය ගත් බවයි.


මෙයට ඉහතදී මහයියාව ප්‍රදේශයේ එක් කොටසකට පමණක් සංචරණ සීමා පනවා තිබුණි.

ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් එකවර හමුවීමත් සමඟ එහි අනෙක් ප්‍රදේශත් ආවරණය වන පරිදි සංචරණ සීමා පැපැනවීමට තීරණය කර ඇත.

මහනුවර නගර සීමාවේ වැඩි ජනඝනත්වයක් පවතින මහයියාව හා බෝගම්බර ප්‍රදේශ දෙකටම මේවන විට සංචරණ සීමා පනවා තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 438 දෙනෙකු පෙරේදා (08) වාර්තාවී තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම දෙපාර්තුමේන්තු වාර්තාවලට අනුව මහනුවර නගර සීමා බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 101 දෙනෙකු වාර්තා වී තිබේ.

Exit mobile version