මහනුවර සෞඛ්‍ය සේවක වැටුප් වංචාව… ගිණුම් අංශ සේවිකාවන් 02ක් අත්අඩංගුවට…

මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ සිදුවූ බව කියන රුපියල් කෝටි 10කට අධික මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අදාළ කර්යාලයේ ගිණුම් අංශයේ සේවිකාවන් දෙදෙනෙකු අද (11) සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේය.

මෙම මූල්‍ය වංචාව මෙයට මසකට පමණ ඉහතදී අනාවරණය වීමෙන් පසු ඊට සම්බන්ධ බවට සැකකළ සේවිකාවන් දෙදෙනාගේ සේවය අත්හිටුවීමට මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පියවර ගෙන තිබිණි.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලෙවලට වැටුප් ගෙවීමේදී සැකකාර සේවිකාවන් දෙදෙනා වෙනත් පුද්ගලයින්ගේ නම් වලින් සකස් කළ බැංකු ගිණුම් කිහිපයකට වසර තුනක පමණ කාලයක් තිස්සේ මුදල් බැරකර තිබෙන බව අනාවරණය විය.


අදාළ කාර්යාලයේ පරිගණක කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව බාරයට ගෙන සිදුකළ විමර්ශන වලින් පසු මෙම සේවිකාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන බව පළාත් සෞඛ්‍ය අංශ නිලධාරියෙකු පැවසුවේය.

මෙම සිදුවීමට තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ සහය ලැබී ඇති බවට තොරතුරු හෙළිව තිබේ.

ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා හෙට (12) මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version