මහනුවර රෝහලේ හදිසි රුධිරකාන්දු කරණ ඒකකය කොවිඩ්  ආශ්‍රිතයන්ට වෙන් කෙරේ.

මහනුවර ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ හදිසි රුධිරකාන්දු කරණ ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයන්ගේ පළමුපෙළ ආශ්‍රිතයන්ට වෙන් කළ බව රෝහල් ආරංචිමාර්ග කියයි.

දැනට එහි රෝගීන් 14 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් එක් පුද්ගලයෙක් කොවිඩ් ආසාදිත බව තහවුරු වීමෙන් පසු දැනට කොවිඩ් ප්‍රතිකා රෝහලක් බවට පත් කර ඇති හෝමාගම රුධිර කාන්දුකරණ ඒකකය වෙත මාරු කර යවා තිබේ.

මෙසේ  මාරු කර යවා ඇත්තේ මහනුවර බෝගම්බර මධ්‍යම වෙළෙඳ පොල ආසන්නයේ පදිංචි කරුවෙකි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර නගරාසන්නයේ මහයියාව සහ බෝගම්බර කොවිඩ් 19  වෛරසය ආසාදිතයන්ගේ  සංඛය්‍යාත්මක ඉහළ යාමත් සමග  හදිසි රුධිර කාන්දුකරණ ඒකකය කොවිඩ් ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන්  සදහා වෙන් කර  තිබිණි.

Exit mobile version