මහනුවර මූලස්ථාන පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති බීමතින් රිය අනතුරක් කරලා..

බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසියේ විශේෂ් අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා කටුගස්තොට පොලීසිය මගින් ඊයේ (05) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.බී

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු වන සැකකරු පැදවූ කාර් රථය කටුගස්තොට කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ යටිවාවල ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටී තිබෙන අතර යතුරුපැදිකරු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත්කර ඇත.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා බීමතින් රිය පදවා අනතුරක් සිදුකර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මකවන බවත් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ   පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. එස්. උවින්දසිරි  ගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජපක්ෂ   අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි. සැකාකාර පොලිස් නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පිවවර ගෙන තිබේ.

Exit mobile version