මහනුවර ප්‍රධාන බාලිකාවක ශිෂ්‍ය නායිකාවක් පාසල් වෙලාවේ දී ගොඩනැගිල්ලක පළමු මහලින් පහළට පැනලා….

මහනුවර ශාන්ත අන්තෝනි  බාලිකා විද්‍යාලයේ  ශිෂ්‍ය නායිකාවක් ඇය ඉගනුම ලබන පන්තිය පවත්වාගෙන යන  විදුහලේ පළමු මහලේ ගොඩනැගිල්ලකින් පහළට පැනීම නිසා තුවාල ලැබ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

අද (09) පෙරවරු 11.30 ට පමණ පාසැල් පංති කමරයෙන් පිටතට  පැමිණ මෙසේ බිමට පැන ඇත්තේ පාසලේ  10 වසරේ ඉගනුම ලබන 15 හැවිරිදි සිසුවියකි.

එම සිසුවිය කටුගස්තොට කළුගමුව වත්ත ප්‍රදේශයේ පදිංචි බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත.

අදාළ සිසුවිය මහනුවර ජාතික රෝහලේ දී සී.ටී ස්කෑන් පරීක්ෂාවකට ලක්කර තිබේ.


අඩි 15 පමණ උසක සිට පහළට ඇද වැටීම නිසා සිසුවියගේ හිසට හෝ අභ්‍යන්තර අවයව වලට හානි සිදුව ඇත්ද යන්න සෙවීම සඳහා අදාළ  සි.ටී ස්කෑන් පරීක්ෂාව සිදු කළ බවත් එහි වාර්තාව ලැබුණු පසු ඉදිරි ප්‍රතිකාර ආරම්භ කරන බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහනුවර ජාතික රෝහලේ ආරංචි මාර්ග පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. සී. රාජපක්ෂ ගේ මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන සිදුකරයි

Exit mobile version