මහනුවර ගෝඨාගමටත් පහර දී පැනයති – සහයට පිරිස් මහනුවර එති

mahanuwara

අරලිය ගහ මන්දිරයේ සිට පා ගමනින් ගිය අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන පිරිස් ගාලු මුවදොර ට එල්ල කළ ප්‍රහාරයට සමගාමීය මහනුවර ගෝඨාගෝගම විරෝධතා පරිශ්‍රයටද රජයට හිතවාදී මැර පිරිස් විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබ ඇත.

ප්‍රහාරකයන් සැණින් ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති අතර පැමිණි පිරිස අතර මහනුවර ප්‍රබල රජයේ දේශපාලකයකුගේ ආධාරකරුවන් සිටින බව වාර්තා වෙයි.

මේ වනවිට මහනුවර ජාතික රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු කාරය මණ්ඩලය මහනුවර ගෝඨාගෝගම සහයට පැමිණ ඇති අතර නීතීඥවරුන් පිරිසක් ද එම ස්ථානයට පැමිණෙන බව අප වාර්තාකරුවෝ සඳහන් කරති.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම තත්ත්වය සමඟ මහනුවර නගරයද මේ වනවිට උණුසුම් වී ඇති අතර මේ ප්‍රහාරයට විරෝධය දක්වමින් මහනුවර ස්ථාන කිහිපයක විරෝධතා ක්‍රියාත්මක වන බව අප වාර්තාකරු පවසයි.

Exit mobile version