“මහජන උපයෝගීතා කොමිසමට යළි අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරනවා”

ඇමති ඩලස් කියයි

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයන් ඉල්ලා අස්වී ඇත්නම් වහාම ඒ සඳහා සාමාජිකයන් පත් කළ යුතු බව විදුලිබල හා බලශක්ති ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ලංකාසරට පැවසීය.

මහජන උපයෝගීතා කොමිසම අහෝසි කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා භාණ්ඩාගාර ලේකම්වරයාට ලිඛිතව උපදෙස් ලබා දීමෙන් පසුව එම කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ ඉල්ලා අස් වූ බව නිවේදනය කළ අතර එයින් පසුව ලංකා සැබෑ මේ පිළිබඳව කළ විමසීමකදී විදුලිබල අමාත්‍යවරයා මේ බව පැවසීය.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ව සිටිය දී එවකට විදුලිබල හා බලශක්ති ඇමති ඇමැති කරු ජයසූරිය මහතාගේ පාලන කාලය තුළ පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කර තිබෙන බව ද ඒ මහතා අනාවරණය කළේය.


විදුලි ඒකකයක මිල රුපියල් 50 කින් වැඩි කිරීමට වැඩි කිරීමට ආණ්ඩුව ගෙන තිබෙන තීරණය මහජන උපයෝගීතා කොමිසම බාධා කරන නිසා එය අහෝසි කරන්න ආණ්ඩුව කටයුතු කරන බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළ කර තිබූ බවත් එම මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැති බවත් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට විදුලි ඒකකයක නිෂ්පාදන මිල අඩු කර ගැනීමට දැඩි උත්සාහයක නිරතව සිටින අවස්ථාවක සත්‍ය විකෘති කරමින් මෙවැනි ප්‍රවෘත්ති නිර්මාණය කිරීම ගැන තමා කනගාටු වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version