මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුව හෙළිදරවු කරයි…

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයාගත් බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසීය. ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

පාස්කු ප්‍රහාරය සැලසුම්කළ මහ මොළකරුවන් දෙදෙනා නවුෆර් මවුලවි හා අජ්ජුර් අක්බාර් නැමැති ජමාතේ ඉස්ලාම් සාමාජිකයෙක්  බව ඇමතිවරයා මේ අවස්ථාවේ දී  හෙළිදරව් කළේය.

එහිදී ඇමතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.


නවුෆර් මවුලවි තමයි සහරාන්ගෙත් මොළය සේදුවෙ. සහරාන් මේකට සම්බන්ධ වන්නෙ 2016 දි. නමුත් නවුෆර් මවුලවි තමයි 2014 දි අයි.එස් මතවාදය ලංකාවට ගෙනාවෙ. ඒ ඉස්ලාම් රාජ්‍යයක් සඳහා. ඔහු දැන් ඉන්නේ රිමාන්ඩ් භාරයේ. ඔහුත් ඇතුළු 32කට නඩු පවරන්න අප කටයුතු කරමින් යනවා.

සහරාන් මරාගෙන මැරුණා. පොලිසිය විසින් ඒ ප්‍රහාරයේ මහමොළකරුවන් හඳුනා ගත්තා.    ඒ සම්බන්ධයෙන්    කරුණ හංගන්න අපට අවශ්‍ය නෑ. දැනට 32කුට නඩු පැවරීම සඳහා අපි  උදෘත ගොනු යොමු කරලා තියනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට 211ක් රිමාන්ඩ් භාරයේ ඉන්නවා. 75ක්  දීර්ඝකළ රැඳවුම් නියෝග මත රඳවාගෙන ඉන්නවා. නඩු පවරා ඇති 32 ඉන්නේ රිමාන්ඩ් බන්ධනාගාරගත කළ 212 තුළ. දැනට ප්‍රශ්න කරමින් සිටින, රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින අයටත් නඩු පැවරීම සඳහා සාක්ෂි ගොනුකළාට පස්සේ අපි නීතිපතිතුමා වෙත එය යොමු කරනවා.“ යැයි ඇමතිවරයා කීවේය.

Exit mobile version