“ගෝඨාගෝගම“ අගලයට එක් වී යැයි විදේශ තරුණියකගේ ගුවන් ගමන් බලත්‍රය අත්අඩංගුවට ගනී…

ගෝඨාගෝගම මහජන විරෝධතාවලට සහය දැක්වූ විදේශික තරුණියකට වීසා කොන්දේසි උල්ලංඝණයකිරීම සම්බන්ධව චෝදනා කර ඇයගේ  විදේශ ගමන් බලපත්‍රය අත්අඩංගුවට  ගැනීමට ශ්‍රී ලංකා  ආගමන විගමන නිලධාරීන් කටයුතු කර තිබේ.

මෙම  ගමන් බලපත්‍ර අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ Kayleigh Fraser නැමැති ස්කොට් ජාතික තරුණිකයකගේය.

දින 7ක් ඇතුළත පරීක්ෂණයක් සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙසට ද  ඇයට දන්වා ඇත.


කෙසේ වෙතත් පසුගිය මැයි මස 20 දා හිටපු අගමැතිවරයා වූ වත්මන් ජනාධිපති ස්කයි නිවුස් ආයතනයට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නේය.

එහිදී මාධ්‍යවේදියා වත්මන් ජනපති වරයා වන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගෙන් මෙසේ විමසුවේය.

මේ අවස්ථාවෙ ඔබට විදේශිකයින්ට  ආරාධනා කරනන් පුළුවන් ද ලංකාව සුරක්ෂිතයි… ඇවිත් යන්න කියලා…“ මාධ්‍ය වේදියා විමසුවේය.

“අලුත් අත්දැකීමක්  ලබන්න කැමති විදේශිකයන්ට ලංකාවෙ සංචාරය කරන්න පුලුවන්. ඒ වගේම ඔවුන්ට විරෝධතා වලටත් සම්බන්ධ වෙන්න පුලුවන්.“

“සමහර විට ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා ඔවුන්ටත් පුලුවන්.  විරෝධතා පුවරු රැගෙන ඉන්න හැකියි… ඒ වගේම අගමැතිට ගෙදර යන්න කියන්නත් පුලුවන්.  ඔවුන්ට එවැනි විවිධ විකල්ප තියනවා.“ අගමැතිවරයා කීවේය.

රනිල් වික්‍රමසිංහ හිටපු අගමැති ලෙස ස්කයි නිවුස් වෙත ලබා දුන් සාකච්ඡාව පහතින් දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version